සදෙව්මිගේ ඝාතනය පිළිබඳ
සැකපිට පාසැල් සිසුවෙකු හා
තවත් 3ක් පොලිස් භාරයට
කොටදෙණියාවේ සේයා සදෙව්මි දැරිය බරපතල අපයෝජනයකට ලක් කර ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු තවදුරටත් ක්‍රියාත්මක වනවා.
ඒ සම්බන්ධයෙන් පුද්ගලයන් රැසකගෙන් මේ වනවිට ප්‍රශ්න කර ඇති අතර 17 හැවිරිදි පාසල් සිසුවෙකු ද ඒ අතර සිටින බව සඳහන්. එමෙන්ම තවත් පුද්ගලයින් තිදෙනෙකු රඳාවාගෙන ප්‍රශ්න කරන බවටද තොරතුරු වාර්තා වනවා.
කෙසේ නමුත්, පොලිසිය කියා සිටියේ අපරාධය සම්බන්ධයෙන් නිශ්චිත සැකකරුවෙකු මෙතෙක් හඳුනා ගැනීමට නොහැකි වී ඇති බවයි. මේ වන විට පොලිසිය විසින් ප්‍රශ්න කරන 17 හැවිරිදි පාසැල් සිසුවා සදෙව්මිගේ නිවසට නිතර යන එන අයෙකු බවයි වාර්තා වන්නේ.
එමෙන්ම සදෙව්මි ඝාතනයට සම්බන්ධ පුද්ගලයා අධික ලෙස මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ අයෙක් බවත් ඔහු සමඟ තවත් පිරිසක් මෙම සාහසික ක්‍රියාව සිදුකරන්නට ඇති බවටත් පොලිසිය සැකකරනවා.
Post a Comment