දැරිය කෙළෙසන්න හැදූ කාමාතුරයා සෙරෙප්පු දෙක දමා ගිහින් වැඩ වරද්දාගනී
රෑ 1ට තාවකාලික දොරෙන් ගෙට පැනලා
ඇඟ ස්පර්ශ කරද්දී කෑ ගහලා
රටපුරා බොහෝ පිරිසකගේ දැඩි අවධානයට යොමු වූ කොටදෙණියාව සදෙව්මි දැරියගේ අමානුෂික ඝාතනය පිළිබඳව තවමත් අපරාධකරුවන් කොටුකර ගැනීමට තවමත් නොහැකි වූ අවස්ථාවක එලෙස දැරියක් දූෂණ කිරීමට පැමිණි තවත් නරුමයෙකු පිළිබඳව පුවතක් හම්බන්තොට ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.
මොහු රෑ 1ට පමණ ගෙට පැන දැරියගේ ඇඟ ස්පර්ශ කිරීමට යාමේදී ඇය අවදිවීමෙන් කුරුමානම වැරදී ගොස් තිබෙන අතර දැරියගේ කෑ ගැසීමත් සමඟ දෙමාපියන්ද අවදි වී තිබෙනවා.
ඒත් සමඟම මෙම කාමාතුරයා බිය වී ඇති අතර ගුටිකන්නට වෙන බව නිසැකවම දන්නා ඔහු පසු නොබලා දුවන්නට වී තිබෙනවා. පියාද ගොස් මොහු පසුපසින් එළවන්නට වී ඇති අතර රෑ ජාමයේ හොඳහැටි පාරවල් දන්නා මොහු කෙටි පාරවල් වලින් දිවගොස් පලායන්නට වී තිබෙනවා.
වයස අවුරුදු 13 ක පමණ වන මෙම ගැහැණු ළමයා නිදාගෙන සිටි නිවසේ ස්ථිර දොරවල් නැතිබවත් තාවකාලිකව අටවාගත් දොරවල් ඇති බවත් එතුළින් සැකකරු නිවසට පැමිණි තිබෙන බවත් පරීක්ෂණ වලදී හෙළිවී තිබෙනවා.
පැනයන අතර කකුලේ දමාගෙන ආ සෙරෙප්පු දෙක මොහුට අමතකව ගොස් ඇති අතර ඒ ඔස්සේ හම්බන්තොට පොලිසිය පරීක්ෂණ ආරම්භ කර සැකකරු අත්අඩංගුවට ගැනීමට කටයුතු කරමින් සිටිනවා.
Hiru
Post a Comment