දරුවන් ලවා රත්‍රං බඩු හොරකම් කරවන
මෙහෙමත් අම්මලා -
CCTV වීඩියෝ
මව විසින් තම කුඩා දියණිය යොදවා දෙහිඅත්තකන්ඩිය නගරයේ සිදු කල රං භාන්ඩ සොරකමක් වෙළෙදසැලේ සවිකරතිබු CCTV කැමරාවල සටහන්ව තිබේ.
තම කුඩා දියණිය යොදවාගනිමින් වෙළෙද සැලේ හිමිකරුවන්ගේ අවධානය වෙනතකට යොමු අවස්ථාවන් වලදී රාක්කවල ප්‍රදර්ශනය හා අලෙවියට තබා ඇති රත්‍රං බඩු සොරකම් කිරිමට මව විසින් අනුබල දෙන බව එම විඩියෝ දර්ශන නැරඹීමේදි අවබෝධ වේ.
දුරකථනය නාදවිමෙන් වෙළෙද සැලේ හිමිකරුවන්ගේ අවධානය ඒ වෙත යොමු වන අවස්ථාවේ මව දරුවා සොරකම සදහා යොදවන අතර පළමු වර උත්සාහය අසාර්ථක වේ. දෙවන උත්සාහය සාර්ථක වී දරුවා විසින් වළල්ලක් සොරකම්කර කලිසම අභ්‍යන්තරයේ සඟවාගන්නා ආකාරය විඩියෝ දර්ශණ වලින් අනාවරණය වේ.
ඔවුන් සමග පැමිණෙන කුඩා දරුවෙකු වඩාගත් කාන්තාවද වෙළෙද සැලේ හිමිකරුවන්ගේ අවධානය වෙනතට යොමු අවස්ථාවේ රත්‍රං බඩු තිබෙන කබඩ් වෙත අත දමා යමක් ගැනිමට උත්සාහ දරන අන්දම දර්ශන වලින් පෙනේ.
දැරිය විසින් සොරකම් කරන ලද රත්‍රං වලල්ලේ වටිනාකම රුපියල් 80,000ක් බව රත්‍රං වෙළෙද සැලේ හිමිකරු පවසනවා
දර්ශන අනුව මෙම කාන්තාවන් දෙදෙනා සැලසුම් සහගතව රං ආබරණ වෙළෙද සැල් වෙත ගොස් භාණ්ඩ සොරකම් කරන බවත් ඒ සදහා කුඩා දරුවන්ද පුහුණුකර යොදාගන්නා බව පැහැදිලි වේ.
මේ සම්බන්දයෙන් 2014-09-01 වෙළෙද සැලේ හිමි කරු දෙහි අත්තකන්ඩිය පොලිසය වෙත පැමිණිලි කර ඇති අතර, විඩියෝ දර්ශන මාධ්‍ය වෙත ලබා නොදෙන ලෙස වෙළෙදසැල් හිමිකරුට පොලිසිය ඉල්ලිම් කර ඇත. ඒ අනුව දිර්ඝ කාලයක් මේ සම්බන්දයෙන් පොලිස් කටයුතු සිදුකර නොමැති අතර වෙළෙදසැල් හිමිකරුවිසින් සොරකම සිදු කල පිරිස මහියංගන ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හදුනාගෙන දෙහිඅත්තකන්ඩිය පොලිසියට ඒ බව දන්වා ඇති අතර මේ වන තුරු ඔවුන් පිළිබද කිසිදු පරික්ෂණයක් සිදු කර නොමැත. සොරකම සිදුකර වසරක් ගතවි ඇති අතර , පුද්ගලයන් හදුනාගෙන ඇතත් පොලිසිය විසින් නිතිය ක්‍රියාත්මක නොකිරිම පිළිබදව වෙළෙදසැල් හිමිකරු කණගාටුවේ.
දරුවන් යොදාගනිමින් සැලසුම් සහතව සොරකම් සිදු කරනා දෙමාපියන් සම්බන්දයෙන් පොලිස් නිළධාරින් නිතිය ක්‍රියාත්මක නොකිරිම රටේ අනාගතය අදුරු වන්නා සේම දරුවන්ගේද හෙට දවස යහපත් වන්නේ කෙදේදැයි ප්‍රශ්න කෙරේ.
Post a Comment