කොට කළිසමක් ඇඳගත් නාඳුනන අයෙක්
වතුයායේ දිව්වලු -
කොටකෙතන ඝාතනයේ පරීක්ෂණ CIDයට
කහවත්ත - කොටකෙතන - ඕපාතවත්ත ප්‍රදේශයේදී ඝාතනයට ලක්වූ කාන්තාවගේ සිරුරේ කොටස් වැඩිදුර පරීක්ෂණ සඳහා කොළඹ ප්‍රධාන රස පරික්ෂක කාර්යාලයට සහ බොරැල්ලේ පිහිටි ජීන්ටෙක් ආයතනය වෙත යොමුකර තිබෙනවා.
ඝාතනයට ලක්වූ කාන්තාවගේ පශ්චාත් මරණ පරික්ෂනය ඊයේ රත්නපුර මහ රෝහලේදී සිදු කෙරුණේ අධිකරණ විශේෂඥ වෛද්‍ය ටිකිරි බණ්ඩාරගේ ප්‍රධානත්වයෙන්. එහිදී අනාවරණ වූයේ බරපතල කැපුම් තුවාල 5ක් හේතුවෙන් සිදුවූ අභ්‍යන්තර රුධිර වහනයක් නිසා මරණය සිදුව ඇති බවයි.
එමෙන්ම කාන්තාවගේ හිසෙහි වම් පස කොටසෙහි බරපතල කැපුම් තුවාල ද ඇති බව එහිදී අනාවරණ වුණා. ඝාතනයට පෙර ඇය අතවරයට ලක්වුණාදැයි සොයාබැලීම සඳහා සිරුරේ කොටස් කොළඹට එවා තිබෙනවා.
එමෙන්ම කාන්තාව ඝාතනයට ලක්වූ පෙරේදා (28) දහවල් කොට කලිසමක් හැඳගත් නාඳුනන අයකු වතු යායේ සිට දිව ගිය බව වතු කම්කරුවකු පොලිසියට ලබා දුන් තොරතුරකට අනුව පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
මෙම ඝාතනය පිළිබඳව ප්‍රදේශවාසීන් තිස් දෙනකුගෙන් පමණ ප්‍රකාශ ලබාගෙන ඇති බවත් ඒ අතර කාන්තාව සමඟ සේවය කරන කිහිප දෙනකුද සිටින බවත් වාර්තා වෙනවා.
Post a Comment