හජ්ජි සමරන්න
අද මක්කමේ ගිය අය
තෙරපීමෙන් 220 මරුට
අද හජ්ජි උත්සව සැමරුම් දිනයේ මක්කම වන්දනාවට ගිය ඉස්ලාම් බැතිමතුන් විශාල පිරිසක් තෙරපීමෙන් මරුමුවට පත්ව ඇති බව විදෙස් වාර්තා හෙළි කරනවා.
සවස 3 වන විට මෙසේ මියගිය ගණන 220 ක් බව හා තුවාල ලත් පිරිස 500 ලෙස වාර්තා පළව තිඛෙනවා.
මින් සති කිහිපයකට පෙර දොඹකරයක් ඇද වැටී 107 ක් මිය ගිය අතර හජ් වෙනුවෙන් මක්කම වැඳීමට ආ බැතිමතුන් මෙතරම් විශාල ප්රමාණයක් මියගිය අවාසනාවන්ත වසරක් ලෙස 2015 සටහන් වන බව විදෙස් වාර්තා පවසනවා.
මින් ඉහත 2004 වසරේ 244 දෙනෙකුද 2001 වසරේදී 35 දෙනෙකුද මේ ආකාරයේ තෙරපීම් නිසා මියගොස් තිබුනි.ඇතැම් ඉස්ලාම් ලබ්දිකයින් මෙය අල්ලාහ්ගේ කැමැත්ත ලෙස හඳුන්වන අතර මක්කමේදී මියයාම වාසනාවක් ලෙස සලකන අයද වෙති.
Post a Comment