‘‘කොණ්ඩයා‘‘ ගමට ගේන බව දැනගෙන
ගම්වාසීන් ඇවිලෙයි - වීඩියෝ
ලබන 5 වෙනකම් බන්ධනාගාරයේ
කොටදෙණියාවේ "සේයා සදෙව්මි" දැරිය ඝාතනය කළ ස්ථානයට අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු රැගෙන එන බවට ලද තොරතුරු හේතුවෙන් ඊයේ (25) රාත්‍රී කාලයේද ප්‍රදේශවාසීන් ඒ අවට ප්‍රදේශයේ රැදී සිට තිබෙනවා. පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සහ පොලිස් ස්ථාන කිහිපයක නිලධාරීන් ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා යොදා තිබූ බවයි වාර්තා වන්නේ..
එමෙන්ම සදෙව්මි දැරිය ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු දුනේෂ් ප්‍රියශාන්ත හෙවත් 'කොණ්ඩයා' ලබන මස 5 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
මේ අතර, සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු ඊයේ වෛද්‍ය පරීක්ෂණයක් සඳහා මීගමුව රෝහලට රැගෙන ආ අතර, එම අවස්ථාවේදී අවට සිටි පිරිස සැකකරු සිටින ස්ථානයට ළංවීමට උත්සාහ කිරීමත් සමඟ රෝහල් භූමිය තුළ ද කලබලකාරි තත්ත්වයක් මතුවුණා.
ඝාතනයට ලක්වූ සේයාගේ සිරුර හමුවූ ස්ථානයට සැකකරු ඊයේ උදෑසන ද රැගෙන ඒමට නියමිතව තිබූ නමුත් ප්‍රදේශවාසීන්ගේ කලබලකාරි ලෙස හැසිරීම නිසා ඔහු එම ස්ථානයට රැගෙනවිත් තිබුණේ නැහැ. කෙසේ නමුත්, එම ස්ථානයට පැමිණ සිටි පොලිස් නිලධාරින් සේයා සදෙව්මිගේ දේහය හමුවූ ස්ථානය විමර්ශනයට ලක් කළා.
Post a Comment