ඇන්ටිලා කල්ලි ගැහිලා
කරපු වැඩේ
අන්තිමේදී මාට්ටු - Photos
යාපනය පේදුරුතුඩුව වල්ලිපුරම් ශ්රී අල්වාර් හින්දු කෝවිලේ පැවති වාර්ෂික තිරුවිලා උත්සව අවස්තාවට පැමිණි බැතිමතුන්ගේ රන් ආභරණ සොරාගත් මහාපරිමාණ මංකොල්ල කල්ලියක් රණ් භාණ්ඩද සමඟ 27 දා පේදුරුතුඩුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
කොවිල් උත්සව අවස්ථාවට විශාල බැතිමතුන් පිරිසක් සහභාගී වී ඇති අතර එහිදී බැතිමතුන්ගේ තෙරපීම මගින් අදාල කොල්ල කල්ලිය බැතිමතුන්ගේ රන්මාළ වළලු සොරාගැනීම සිදු කර ඇති බවටත් මෙම ජාවාරම් කල්ලිය වාර්ෂිකව ඉතා සූක්ෂමව මෙම ජාවාරම සිදු කරන බවට පේදුරුතුඩුව පොලීසිය කියා සිටියේය.
මේ වන විට සැකකරුවන් 7 දෙනෙකු සමග රන් පවුම් 60 කට ආසන්න ප්රමාණයක් අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවන් මෙම මන්කොල්ලකෑම් සඳහා යොදාගත් වෑන් රථයක්ද අත්අඩංගුවට ගෙන ඇති අතරම සැකකරුවන් අතර 5 දෙනෙකුම කාන්තාවන් බවටද පේදුරුතුඩුව පොලීසිය කියා සිටියේය.
අදාල කණ්ඩායම විසින් සොරාගන්නාලද රන්මාල 27ක් මේ වන විට සොයාගෙන ඇති අතරම සොරාගත් දෑ පිළිබඳව වැඩිදුර විමර්ශනයක් සිදුකොට අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බවටද පේදුරුතුඩුව පොලීසිය වැඩි දුරටත් කියා සිටියේය.
Hiru
Post a Comment