Contact Gossip Editor

Popular Posts

Popular on Facebook

Blog Archive

Powered by Blogger.

Gossip Chat with Rukshana Disanayaka  

,

‘‘එයත් මේ කේෂ්ත‍්‍රයේ’’
-රුක්ෂානා දිසානායක

ජීවිත්වන හැමෝටම සිහින වගේම බලාපොරොත්තු තියෙනවා. ඒ සිහින සහ බලාපොරොත්තු ඉටුකර ගැනීමට ලැඛෙන්නෙ සමහර වෙලාවට වාසනාව නිසාම විය හැකියි. මේ සුන්දර රුක්ෂානා හටත් කුඩා කාලයේ ඉඳලාම බලාපොරොත්තුවක් තිබුණා. ඒ තමයි රංගන ශිල්පිනියක වෙන්න  ඕනෑය කියා. අද වනවිට ඒ බලාපොරොත්තුව, සිහිනය ඇය යම්තාක් දුරට සඵල කරගෙන. ආදර වැස්ස, උතුම් පැතුම්, අංකල් සෑම් යන මේ දිනවල විකාශය කෙරෙන නාට්‍ය සමග මේ රුක්ෂානා අපට හමුවෙනවා.

‘‘රගපෑමේ අංශයට එන්න මම ගොඩාක් ආස කළා. ඒක කුඩා කාලයේ ඉඳලාම තිබුණු ආසාවක්. නමුත් ඒ වෙනුවෙන් සෑහෙන්න උත්සාහ කරන්න සිදුවුණා. අන්තිමට මට අවස්ථාවක් ලබා දුන්නෙ නිල්වලා ආයතනයයි.


ඇයි රංගනයටම හිත ගියේ?
පොඩි කාලයේ ඉඳලාම තිබුණු ආසාවක්. ඒ කාලයේ ඉඳලාම රංගනයට, නර්තනයට ආසා කළා. පාසැල් කාලයේදී පාසැල් වේදිකාවේ කලා කටයුතුවලට සම්බන්ධ වුණා. එහිදී සමස්ත ලංකා ජයග‍්‍රහණ පවා ලැබුවා.

කොහෙද ගම?
කොට්ටාව. උසස් පෙළ හැදෑරුවේ දේවි බාලිකා විද්‍යාලයෙන්. දැන් සෞන්දර්යය සරසවියෙ අවසන් වසරේ සිසුවියක්.

ගෙදර විස්තර කිව්වොත්?
තාත්තා ව්‍යාපාරික කටයුතු කරනවා. අම්මා තැපැල් ස්ථානාධිපතිවරියක්. මට ඉන්නෙ මල්ලි විතරයි.

ගපෑමට එච්චරටම ආසා කරන්නෙ එයින් ලැඛෙන ජනප‍්‍රියත්වය නිසාද?
ජනප‍්‍රියත්වය නිසාම නෙවෙයි. මට ආසයි චරිත රංගනය වෙතින් හොඳ දෙයක් ඉදිරිපත් කරන්න.

අද රගපෑමේ අංශයට විශාල පිරිසක් එක්ව සිටිනවා. ඇයි ඒ ඔක්කෝම යන මග ඔබ යන්නෙ?
පාසැල් කාලයේ සිටම තිබුණු ආසාව සහ ආභාෂය තමයි. උසස් පෙළට කලා අංශයෙන් ඉදිරිපත් වුණෙත් ඒ ආසාව නිසාමයි. තමුන්ට හොඳ ගමනක් යන්න පුළුවන් වෙන්නෙ තමුන් ආසා කරන මාවතේ ගියාමයි.

දැන් එතකොට අරමුණ දිගටම රගපෑමේ යෙදෙන්නද?
උපාධිය සම්පූර්ණ කළාම පත්වීමත් ලැබේවි. ඒ අනුව රංගනය සහ රැුකියාව දෙකම කරගෙනයාමට තමයි උත්සාහය.

දැන් නැටුම අත් හැරලද?
සරසවියෙදි එක් විෂයයක් වෙනුවෙන් ප‍්‍රගුණ කරන්නෙ බැලේ සහ උඩරට නර්තනයයි. ඇත්තටම සම්ප‍්‍රදායික සහ බටහිර නර්තන අංශ දෙකටම මම ආසයි.

රගපෑමෙන් ඔබ බලාපොරොත්තු වූ චරිත ඉදිරිපත් කරන්න ලැබුණාද?
තවම සැළකිය යුතු චරිත ලැබුණෙ නැහැ. නමුත් ලැඛෙන චරිතයට උපරිම සාධාරණය කිරීම මගේ ප‍්‍රයන්තයයි. ඉදිරියේදී හොඳ චරිත ලැබේවි කියලා මම විශ්වාස කරනවා.

හොඳ චරිත ලැඛෙන්න නම්?
දැනට ලැඛෙන සුළු චරිතය හෝ හොඳට කරන්න  ඕනෑ.

ඔබට අවශ්‍ය කවුරුන් වගේ රංගන ශිල්පිනියක් වෙන්නද?
මම කවුරුවත් අනුකරනය කරන්නෙ නැහැ. නමුත් මගේ ලෝකයේ ආසා කරන චරිත සිටිනවා. රංගනයේ සිහින තියෙනවා.  ඕනෑම චරිතයක් කිරීමේ අභියෝගය බාර ගන්න ආසයි.

ගැහැනු ළමයකුට මේ රගපාන කේෂ්ත‍්‍රය සුදුසුද?
 ඕනෑම කේෂ්ත‍්‍රයකදී තමුන්ගෙ චරිතය රැුකගෙන ඉන්න ගැහැනු ළමයින් දැනගන්න  ඕනෑ. නමුත් හරියට ඉන්නවා නම් කිසිම ප‍්‍රශ්නයක් නැහැ.

මොන විදියටද සිටිය යුත්තේ?
එක එක්කෙනාගෙ සිතුම් පැතුම් වෙනස්. තමන්ට ප‍්‍රතිපත්තියක් තිබිය යුතුයි.  ඕනෑවට වඩා බලාපොරොත්තු පසුපස ගියාම තමයි අනවශ්‍ය ප‍්‍රශ්න එන්නෙ. ඒ නිසා ප‍්‍රශ්න ඇති නොවන විදියට ආසාවක් පසුපස හඹා නොයා යුතුයි.

ඔබගෙ උතුම් පැතුම මොකක්ද?
හොඳ රංගන ශිල්පිනියක් වීම.


ආදරයේ ඔබ පතන කෙනා ගැන කිව්වොත්?
එයිත් මේ කේෂේත‍්‍රයේම කෙනෙක්.

සදුන් ගමගේ
ලංකාදීප

0 comments

Post a Comment

Popular Posts

Find us on Facebook

Gossip Lanka Stats

Blog Archive

Labels