සැමියා විසින් දරුවා එක්ක මුහුදට තල්ලුකළ කාන්තාව දිවි බේරාගත් හැටි - වීඩියෝ
දරුවාගේ සිරුර වෙරළට ගොඩ ගහලා
අනියම් ඇසුරක් නිසා වුණු දෙයක්ලු
කොස්ගොඩ දී පෙරේදා රාත්‍රියේ දී පියා විසින් මුහුදට තල්ලූ කළ දැරියගේ මළ සිරුර මහපැලෑන වෙරළට අද උදෑසන ගොඩ ගසා තිබෙනවා. කොස්ගොඩ - මහපැලෑන වෙරළේ ගල් පරයක් මතට බිරිඳ සහ දියණිය කැදවාගෙන ගොස් ඔවුන් මුහුදට තල්ලූ කළ සැමියා ඊයේ අත්අඩංගුවට ගත් අතර ඔහුගෙන් ප්‍රශ්න කිරීම් සිදුකෙරෙනවා.
එම සිද්ධියේදී මුහුදට තල්ලූ කළ බිරිඳ දිවි ගලවා ගැනීමට සමත් වුණා. සැකකාර සැමියා අද දිනයේදී බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
මෙම පුද්ගලයා පෙරේදා රාත්‍රී 10.00 ට පමණ තම බිරිඳ සහ දෙහැවිරිදි සිගිති දියණිය නිවසින් කැදවාගෙන ගොස් ඇත්තේ මිත්‍රයෙකුගේ නිවසකට යන බව පවසමින්. ඉන් පසුව මහපැලෑන වෙරළේ ගල් පරයක් මතට බිරිඳ සහ දියණිය කැදවාගෙන ගොස් එකවරම ඔවුන් මුහුදට තල්ලූ කර තිබෙනවා. මුහුදට තල්ලූ කරනාවාත් සමඟම දියණිය විසිවී ගොස් මුහුදට වැටී ඇති අතර, බිරිඳ ගල් පරයෙන් පහළට ඇද වැටීමෙන් අනතුරුව දිවි බේරාගෙන ඇති බව සදහන්. පසුව දිවි ගලවා ගත් බිරිඳ, කොස්ගොඩ පොලීසියට සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබුණා.
ඇය දිවි බේරාගත් අයුරු විස්තර කළේ පහත අයුරින්....
‘‘එයා මාවයි දරුවයි අරගෙන ගලඋඩට ගිහිල්ලා තල්ලු කරලා දැම්මා. මම සැක හිතිලා හැරෙනකොටම මට මතක මාව වතුරට වැටුණා විතරයි. මගෙත් එක්ක දරුවා වැටුණේ නෑ. දරුවා ගල් දෙබොක්කාව අසලින් මහ රැල්ලක් ආවා එතනට වැටෙන්න ඇති. එයා දකින්න ඇති දරුවා වැටෙනවා. මගෙත් එක්ක දරුවා වැටුණේ නෑ. මාව යටට ගිලිලා ගියා. යටට ගිලෙනකොට රළ පාරක් ඇවිල්ලා ගලක් වගේ අහුවුණා. ඒක අල්ලගෙන බොහොම අමාරුවෙන් ගොඩට ආවේ. ‘‘
සැකකාර පියා 29 හැවිරිදි අයෙකු වන අතර, ඔහු වෘත්තියෙන් පෙදරේරුවෙක්. එමෙන්ම සැකකරු තවත් කාන්තාවක් සමඟ අනියම් සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇති බවට ද තොරතුරු හෙළි වී ඇති බව පොලීසිය සඳහන් කළා. ඒ හේතුවෙන් මෙම අඹු - සැමියන් අතර නිතර අඩදබර සිදුවී තිබෙනවා. අදාළ කාන්තාව සැකකාර පුද්ගලයාට වඩා වයසින් ද වැඩිමහල් වන බව සදහන්.
සිද්ධිය පිළිබඳව වීඩියෝව පහතින්...
Post a Comment