Sep
22
නක්ල්ස් ගිය 4ක්
අතුරුදන් වෙයි -
සහෝදරයෝ දෙන්නෙකුත් ඉඳලා
නක්ල්ස් කඳු ප්‍රදේශයේ රංගල - ගෝනවල දියඇල්ල නැරඹීමට ගිය පුද්ගලයන් 4 දෙනෙකු අතරමං වී තිබෙනවා.
පසුගිය 20 වන දින පෙරවරුවේ මහනුවර - රංගල - වන්වාරි වත්ත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 32, 24, 20 සහ 18 යන වයස් සීමාවල පුද්ගලයන් 4 දෙනෙකු මෙලෙස අතරමං වී ඇති අතර සහෝදරයන් දෙදෙනෙකු ද ඊට ඇතුළත්.
ඔවුන් පිළිබඳ මෙතෙක් කිසිදු තොරතුරක් වාර්තා වී නොමැති බවයි රංගල පොලීසිය සදහන් කළේ.
නක්ල්ස් කඳු රක්ෂිතයේ අතරමං වූ පිරිස සොයා රංගල පොලීසිය, ප්‍රදේශවාසීන් සහ ඔවුන්ගේ ඥාතීන් මේ වන විට සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.
Post a Comment