රත්ගම එකම පවුලේ
මව, පියා, පුතුන් දෙදෙනා හා
තවත් කතක් කපා කොටලා
ගාල්ල - රත්ගම - මොන්රෝවියාවත්ත ප්රදේශයේ නිවසකට පැමිණි 5 දෙනෙකුගෙත් යුත් කණ්ඩායමක් එහි සිටි පිරිසකට සිදුකළ පහරදීමකින් 24 හැවිරිදි තරුණයෙකු මිය ගොස් තිබෙනවා.
තුවාල ලැබූ 4 දෙනෙකු ප්රතිකාර සඳහා කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලීසිය ප්රකාශ කළේ.
සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ මිය ගිය තරුණයාගේ මව, පියා, බිරිඳ සහ සොහොයුරායි. දෙපාර්ශවය අතර පැවැති අමනාපයක් නිසා මෙම පහරදීම සිදුකර ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා.
Post a Comment