මක්කම දොඹකරය වැටුණු පල්ලිය
අලුතින් හදන්නේ බින් ලාඩ්න්ගේ
සහෝදරයෙක්ලු
පුද්ගලයන් 107 දෙනෙකු මරුමුවට පත් කරමින් තවත් 230 දෙනෙකුට තුවාල සිදුකරමින් මැකා නුවර හෙවත් මක්කම මහ පල්ලියේ දොඹකරයක් කඩා වැටී සිදුවූ අනතුර සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවලදී නව තොරතුරු කිහිපයක් හෙළි වී තිබෙනවා.
ඒ අනුව පල්ලියේ ඉදිකිරීම් සිදුකර ඇත්තේ අල්ඛයිඩා සංවිධානයේ හිටපු නායක ඔසාමා බින් ලාඩ්න්ගේ සොහොයුරෙකුට අයත් සමාගමක් මගින්. එසේම එම සමාගම බින් ලාඩ්න්ගේ පියා විසින් ආරම්භ කළ එකක් බව දැන් අනාවරණ වී තිබෙනවා.
ඒ අනුව සමාගමේ හිමිකරු වන ඔසාමා බින් ලාඩ්න්ගේ සොහොයුරාට සහ පවුලේ සාමාජිකයන්ට සෞදි අරාබියෙන් පිටවීම තහනම් කර ඇති බවයි විදෙස් වාර්තා ප්‍රකාශ කළේ. කෙසේ වෙතත්, මුස්ලිම්වරුන්ගේ ශ්‍රේෂ්ඨතම පූජනීය ස්ථානය ලෙස සැලකෙන මක්කම මහ පල්ලියේ ආරක්ෂක විධි විධාන සහ ආරක්ෂණ ප්‍රමිතීන් බොහෝ කලක සිට විවේචනයට ලක්වූ බව ද සඳහන්.
දැඩි සුළඟ සහ වර්ෂාපතනය නිසා දැවැන්ත දොඹකරය දේවස්ථානය මත පතිත වී අනතුර සිදුවූ බවටයි එරට ආරක්ෂක අංශ මීට පෙර ප්‍රකාශ කළේ.

Post a Comment