Contact Gossip Editor

Popular Posts

Popular on Facebook

Blog Archive

Powered by Blogger.

yala shooting case one dead and two were remanded into custody  

යාල වනයේ තුවක්කු අරන් දඩයමේ ගිහින් 
වෙඩිල්ලෙන්ම අවසන් ගමන් ගිය 
ශාන්ත - වීඩියෝ

යාල අභය භූමියට අයත් කොච්චිපොතාන ප්‍රදේශයේදී වෙඩි තැබීමකින්  ඊයේ පස්වරු 5.30 ට පමණ එක් අයෙකු මියගොස් තිබුණා.

අදාළ ප්‍රදේශයේ සතුන් දඩයම් කරන බවට යාල පලටුපාන වනජීවී කාර්යාලයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරු මත එම ප්‍රදේශය පරීක්ෂාවට ලක්කර තිබෙනවා. පොලීසිය සදහන් කලේ උද්‍යානයට අනවසරයෙන් ඇතුළු වූ දඩයම්කරුවන් රාජකාරිය සදහා පැමිණි වනජීවී නිලධාරීන්ට වෙඩි තැබීමට උත්සාහ කර ඇති බවයි.

එහිදී නිලධාරීන් ආරක්ෂාව සදහා සිදු කළ වෙඩි තැබීමකින් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වුණා. ඔහු  කතරගම වැඩසිටිකන්ද ප්‍රදේශයේ පදිංචි පී.ජී. ශාන්ත ලක්මාල් නැමති 33 හැවිරිදි පුද්ගලයෙක්.

අනෙක් පුද්ගලයින් දෙදෙනා වන ජීවි නිලධාරීන් භාරයට ගෙන තිස්සමහාරාම පොලිසියට භාරදීමට කටයුතු කළ අතර ඔවුන් භාවිත කළ ගිනි අවිය ද පොලිස් භාරයට ගැණුනා.

සැකකරුවන් අද පෙරවරුවේ තිස්සමහාරාම වැඩබලන මහේස්ත්‍රාත් පී.ඒ. ජයසිරි මහතා හමුවට ඉදිරිපත් කළ අතර එහිදී  මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ සැකකරුවන් ලබන 06 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.

මහේස්ත්‍රාත්වරයා, සැකකරුවන්ද සමග වෙඩිතැබීම සිදු වූ ස්ථානය පරීක්ෂා කිරීමට ගියද අධික වර්ෂාව හේතුවෙන් එය වැලකී ගොස් තිබෙනවා.

වනජීවි අධ්‍යක්ෂ ජනරාල් එච්.ඩී. රත්නායක මහතා ප්‍රකාශ කළේ වනජීවීන් සහ වනස්පතීන් ආරක්ෂා කර ගැනීම සදහා ගත හැකි සෑම පියවරක්ම ගැනීමට වනජීවී නිලධාරීන් කටයුතු කරන බවයි.

එහි වීඩියෝව පහතින්.....



0 comments

Post a Comment

Popular Posts

Find us on Facebook

Gossip Lanka Stats

Blog Archive

Labels