සම්බාහනයට ගිය සැමියාගේ
නොමනා හැසිරීම් නිසා ඔහුට අත්වූ ඉරණම ගැන කියන
අපේ රටේ ගැහැණියකගේ කතාව - වීඩියෝ
‘‘මට අතටම අහුවුණා දවසක්
සම්බාහනේට කියලා යන්නේ වෙන ගෑණු අය හොයාගෙන‘‘
මේ කතාවේ කතා නායිකාව අපිට හමුවුණේ ලිංගාශ්‍රිත රෝග මර්ධන ඒකකයේදී. ඇය ගැන අපට දැනුම් දුන්නේ එහි වෛද්‍යවරයෙක්. ඇගේ කතාව සංවේදී, දීර්ඝ කතාවක්. නමුත් අපි එය කෙටියෙන් ඔබට කියන්නම්..
ඇගේ නම් ගම් හෙළිකිරීමට අපිට හැකියාවක් නෑ.. ඒ නිසා අපි ඇයව සමන්ති ලෙස හඳුන්වන්නම්. සමන්ති සිව්දරු මවක්. දරුවන්ගේ වැඩ කටයුතු සමඟ ඇයට සැමියා ගැන සොයාබැලීමේ අවස්ථාවන් ගිලිහී යනවා.
එහි ප්‍රතිඵලයක් විදියට සමන්තිගේ සැමියා නිරන්තරයෙන් කොම්පඤ්ඤ වීදියේ එක්තරා සම්භාහන ආයතනයකට යෑමටත්, එහිදී එම කාන්තාවන් සමඟ ලිංගිකව හැසිරීමටත් පෙළඹී තිබෙනවා. කාලයක් ගතවද්දී ඔහුගේ මෙම සබඳතා සාක්ෂිත් සමඟම සමන්තිට හසුවනවා. මේ හේතුවෙන් සමන්තිත් සැමියාත් අතර දුරදිග ගිය ගැටුම් ඇතිවුනත්, ඇය තම දරුවන් වෙනුවෙන් ඔහුට සමාව දීමට තීරණය කර තිබෙනවා.
සියල්ල අමතක කර ඇය සැමියා සමඟ සුපුරුදු පවුල් ජීවිතයක් ගතකිරීමට සූදානම් වුනත් නැවතත් ඇගේ කැදැල්ලට කණ කොකා හඬන්නේ හීනෙකින්වත් නොසිතූ විදියට. සැමියාගේ ලිංගයේ ඇතිවූ අසාමාන්‍ය රෝගී තත්වයක් හේතුවෙන් සමන්ති ඔහුව වෛද්‍යවරයෙකු වෙත රැගෙන යනවා. එහිදී වෛද්‍යවරයා පවසන්නේ ඔහු බරපතල සමාජ රෝගයකින් පෙළෙන බවයි.
සිව් මසකට පමණ පෙර සිදුවූ මෙම සිදුවීමෙන් ඇය මානසික කඩාවැටීම් රැසකට ගොදුරු වුනත්, කාලයත් සමඟ ඒ සියල්ලටම ශක්තිමත්ව මුහුණ දීමට ඇයට පුළුවන්කම ලැබෙනවා.දැන් ප්‍රතිකාර සඳහා සැමියාව නිරන්තරයෙන් වෛද්‍යවරුන් වෙත යොමුකිරීමට අවශ්‍ය නිසාත්, තමන්ද එම රෝගයට ගොදුරුවී ඇත්දැයි සෙවීම සඳහා පරීක්ෂණ පැවැත්වෙන නිසාත්, ඇයට සතියකට දෙවරක් වෛද්‍ය උපදෙස් පැතීමට සිදුව තිබෙනවා.
ඇයගේ අවාසනාවන්ත ඉරණම පිළිබඳව අපි කිසිවක් නොකියමු. සම්බාහන ආයතන මුවාවෙන් පවත්වාගෙන යන මෙවැනි ගණිකා නිවාස වෙත යාමේදී දෙවරක් නොව හතර පස්වතාවක් වත් සිතන්නැයි කියා පමණක් අපි ඔබට කියන්නෙමු.
මේ සමන්ති ඇයගේ අත්දැකීම අපවෙත පැවසූ ආකාරයයි....
Post a Comment