ශ්‍රී ලංකාව සම්බන්ධයෙන්
ජගත් මානව හිමිකම් වාර්තාව එළිදකී
- සම්පූර්ණ වාර්තාව
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජගත් මානව හිමිකම් මණ්ඩලය සැකසූ වාර්තාව මීට ටික වේලාවකට පෙර ජගත් මානව හිමිකම් කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් කුමරු මානව හිමිකම් මණ්ඩල සැසියට ඉදිරිපත් කළා. එමඟින් ශ්‍රී ලංකාවේ සිදුවූවා යැයි කියන මානව හිමිකම් කඩවීම් සොයාබැලීම සඳහා විශේෂ දෙමුහුන් අධිකරණයක් මෙරට ස්ථාපිත කළ යුතු බවට යෝජනා කර තිබෙනවා.
ඊට ජාත්‍යන්තර විනිසුරුවන්, නීතීඥවරුන් සහ පරීක්ෂකයන් ඇතුළත් විය යුතු බවයි වාර්තාව ඉදිරිපත් කරමින් ජගත් මානව හිමිකම් කොමිසමේ කොමසාරිස්වරයා සඳහන් කළේ.
වාර්තාව කොටස් දෙකකින් සමන්විත වන අතර, වගවීම සහ ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් එහි කරුණු ඇතුළත් කර තිබෙනවා. සිද්ධි සහ පරීක්ෂණ සම්බන්ධයෙන්ද වාර්තාවේ කරුණු සඳහන්.






Post a Comment