Contact Gossip Editor

Popular Posts

Popular on Facebook

Blog Archive

Powered by Blogger.
Oct 31

ලෝක ශූර නවසීලන්ත ක්‍රීඩකයෙකු බදාගන්න
පිට්ටනියට පැන්න කොල්ලෙකුට
හම්බවුණු පුදුම හිතෙන තෑග්ග - වීඩියෝ

ලෝක කුසලාන රග්බි තරඟාවලියේ අවසන් මහා තරඟයේ ඊයේ දිනයේ නිමාවට පත්වුණේ ප්‍රබල ඕස්ට්‍රේලියානුවන් පරදා නවසීලන්තයට නැවතත් ජයග්‍රහණය ගෙනදෙමිනුයි. ඔවුන් ලෝක ශුරයින් වූ 3වන අවස්ථාව මෙය වන අතර ජයග්‍රහණයෙන් පසුව පිටිය මැදදී පැමිණ සිටි ප්‍රේක්ෂකයින්ට ආචාර කරන අතර නවසීලන්ත පිලේ Bill Williams වෙත පැමිණි කුඩා දරුවෙකු ඔහුව වැළඳගැනීමට යාමේදී යම් සිදුවීමක් සිදුවුණා. 


ඔහු එකවරම පිට්ටනිය වෙත කඩා පනින අතර එතැන සිටි ආරක්ෂකයෙකු විසින් ඔහුව අල්ලාගැනීමට තැත්කරන නමුත් දරුවා Bill Williams වෙත ගොස් ඔහුව වැළඳගන්නවා. Williams ද දරුවාව ඔහු වෙත තුරුළු කරගෙන ජයග්‍රහණය වෙනුවෙන් ලැබුණු පදක්කමද ඔහුගේ ගෙලට දමා දරුවා සිටි ස්ථානයට නැවත ගෙනයන්නට කටයුතු කරනවා.

මේ සිද්ධියෙන් පුදුමයට පත්වන දරුවා තමන්ට නොසිතූ මොහොතක ලැබුණු තෑග්ග පිළිබඳව ප්‍රීතියෙන් කෑ ගසන්නට වනවා. එම අවස්ථාවේ වීඩියෝව පහතින්....


Oct 31

ඇමති දයාසිරි කිලෝමීටර් ගාණක් 
ගේමක් නැතිව බයිසිකලයක් 
පැද්ද පැදිල්ල - Photos

ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා අනුරාධපුරයේදී ප්‍රදර්ශන පාපැදි රැළියට එක්ව ඇති අයුරු දැක්වෙන ඡායාරූප පෙළක් අපවෙත ලැබී තිබෙනවා. ඔහු කිලෝමීටර් ගණනාවක් කිසිදු අපහසුතාවයකින් තොරව පාපැදිය පදවාගෙන ගොස් ඇති අතර මෙම අවස්ථාවට පී.හැරිසන්, දුමින්ද දිසානායක යන අයද සහභාගී වී තිබෙනවා.

2015 ජාතික මහා පාපැදි ශූරතා තරගාවලිය අනුරාධපුරයේදී පැවැත්වෙන අතර ඒ නිමිත්තෙන් මෙම ප්‍රදර්ශන රැළිය පැවත්වා තිබෙනවා.








උපුටාගැනීම

Oct 31

සනී ලියෝන් ලංකාවට

සරාගී බොලිවුඩ් නිළියක් වන සනී ලියෝන් මේ වසරේ දෙසැම්බර් මස ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවන බවට වාර්තා වෙනවා. ඇය මෙලෙස පැමිණෙන්නේ ලංකාව තුල ප්‍රසිද්ධ කැසිනෝ ජාලයක ආරාධනාවකට අනුවයි.

ඇය සහභාගී වන ප්‍රසංගය දෙසැම්බර් මස 20 වනදා පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ...








Oct 31

එස් එෆ් ලොක්කා 
ෆේස්බුක් එකෙන් අතුරුදන් වෙයි

අනුරාධපුරයේ කරාටේ වසන්ත ඝාතනයේ ප්‍රධාන සැකකරු වූ ඉරෝන් රණසිංහ හෙවත් එස් එෆ් ලොක්කා පසුගිය කාලය පුරා ඔහුගේ ෆේස්බුක් ගිණුමේ විවිධ තොරතුරු පලකර තිබූ අතර ඒ තුලින් ලබාගත් තොරතුරු මෙන්ම ඡායාරූප රැසක් මාධ්‍ය ඔස්සේ පළකර තිබුණා.  

එමෙන්ම ඔහු  ෆේස්බුක් ගිණුම ඔස්සේ මෙම ප්‍රහාරය සම්බන්ධයෙන්ද ඉඟි පළකර තිබුණු නමුත් මේ වන විට ඔහුගේ ගිණුම ෆේස්බුක් තුලින් බවත්කරගැනීමට කටයුුතු කර තිබෙනවා.

Oct 31

ප්‍රබල ඕස්ට්‍රේලියානුවන් පරදා නවසීලන්තය 3වන වරටත් රග්බි ලෝක ශූරයින් වෙයි - Photos



ලෝක කුසලාන රග්බි තරඟාවලියේ අද දිනයේ පැවති අවසන් මහා තරඟයෙන්  ප්‍රබල ඕස්ට්‍රේලියානු පිල පරදා ලකුණු 34-17ක් ලෙස නවසීලන්ත පිල ජයග්‍රහණය කරමින් 2015 ලෝක ශූරයින් බවට පත්වුණා

නවසීලන්ත පිල රග්බි ලෝක කුසලානය දිනාගත් 3වන අවස්ථාව මෙයයි









































Popular Posts

Find us on Facebook

Gossip Lanka Stats

Blog Archive

Labels