Contact Gossip Editor

Popular Posts

Popular on Facebook

Blog Archive

Powered by Blogger.

Women killed in digana  

සැමියා රට ඉන්න අතරේ 
අසල්වැසියෙක් නිසා දරුවන්ද තනිකර 
දැවී අළු වුණු ෆාතිමා - Photos

මහනුවර දිගන  කුඹුක්කදුර ප්‍රදේශයේ කාන්තාවක් ගිණිතබා ඝාතනය කර තිබෙනවා. මෙලෙස ඇයව ඝාතනය කර ඇත්තේ නිවස අසල පුද්ගලයෙකු බවටයි තොරතුරු වාර්තා වෙන්නේ.
පුද්ගලික ආරවුලක් මෙම අපරාධයට මුල්වී ඇතැයි අනාවරණ වී තිබෙනවා. මෙලෙස ඝාතනය කර ඇත්තේ 35 හැවිරිදි තිදරු මවක්. ඇයගේ සැමියාද විදෙස් ගතව සිටින බවයි වාර්තාවන්නේ. සැකකරු අත්අඩංගුවට ගැනීමට මේවන විටත් පරික්ෂණ ආරම්භ කර තිබෙනවා.

දිනක් සැකකරු හා ෆාතිමා නම් මෙම කාන්තාව අතර ඇතිවූ රණ්ඩුවක් දුරදිග ගිහින් අදාල පුද්ගලයා ෆාතිමාට පහරදුන්නු බවට ඇය පොලීසියට ගිහින් පැමිණිල්ලක් කරලා තියෙනවා.
මේ ආරවුල සමථයකට පත්කරලා ෆාතිමාට කියලා තියෙන්නේ වෙන ගෙදරකට යන්න කියලා. ඉන් පසුව ඇය වෙනත් නිවසකට ගිහින් තියෙනවා. එසේම ඉහත කී පුද්ගලයා කාන්තාවට පහරදුන් නිසාවෙන්  සති 2කට හිරේ යන්නත් සිද්ධවෙලා තියෙනවා.
පස්සේ ඔහු නිදහස් වෙලා ගෙදර ඇවිත්. ඔය අතරේ ෆාතිමා කුලියට හිටපු කලින් නිවස (ඒ කියන්නේ ඇය ආරවුල ඇතිකරගෙන පොලිසි ගිය නිවස) වෙන කෙනෙක්ට කුලියට දෙන්න කට්ටියක්ව එක්කගෙන ඇවිත් ඒ අය එක්ක ගෙදර මිදුලේ කතා කරකර ඉඳලා තියෙනවා.
මේක දැකපු අර මනුස්සයා ඇවිත් අයෙත් ෆාතිමාට පහරදීලා භූමිතෙල් කෑන් එකක් ඇයට වක්කරලා ගිනිතිබ්බා කියලා තමයි ආරංචි. ඔහුව හොයන්න මේ වෙනකොට පොලිසිය පරීක්ෂණ ආරම්භ කරලා තියෙන්නේ.

0 comments

Post a Comment

Popular Posts

Find us on Facebook

Gossip Lanka Stats

Blog Archive

Labels