Contact Gossip Editor

Popular Posts

Popular on Facebook

Blog Archive

Powered by Blogger.

තබ්බෝව රක්ෂිතයේ ගුහාවකින් හමුවූ දැරිය 
කිලෝමීටර් 13ක් ඇවිද ගිය හැටි 
තවමත් අභිරහසක්

පුත්තලම - කළුවරගස්වැව ප්‍රදේශයේ අතුරුදන්වී සිටි වයස අවුරුදු 3 ක පමණ දැරියක් තබ්බෝව රක්ෂිතයේ සිටියදී පොලීසිය ඊයේ (30) සොයාගත්තා. කෙසේ නමුත් දැරිය මේ ආකාරයෙන් මහවනය මැද ගමන් කළේ කෙලෙසින්ද යනවග තවමත් අභිරහසක්. ගම්වාසීන් පවසන්නේ මෙය යම්කිසි බලවේගයක් මඟින් සිදුකරන ලද්දක් බව තමන් සිතන බවයි.

ගම්වාසීන් සහ පොලීසිය එක්ව පැය 12 ක් පුරා සිදුකළ සෝදිසි මෙහෙයුමකින් අනතුරුවයි මෙම දැරිය සොයාගනු ලැබුවේ. මෙලෙස අතුරුදන්ව සිටියේ පුත්තලම - කළුවරගස්වැව - පහරිය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 3 ක පමණ වූ දැරියක්.

පෙරේදා පස්වරු 4 ට පමණ දැරිය මව සමඟ ආහාර පිසිමින් සිටින අවස්ථාවේදී නිවසින් පිටතට පැමිණ තිබෙනවා. කෙසේ වෙතත් ඉන් ටික වේලාවකට පසු දැරිය නොමැති බව පවසමින් මව සහ අසල්වාසීන් ඒ පිළිබඳව සොයා බලා ඇති අතර, ඉන් අනතුරුවයි පොලීසිය දැනුවත් කර ඇත්තේ.

කෙසේ වෙතත් දැරිය සෙවීමේ නිරතවූ පිරිසට ඊයේ අලූයම නිවසේ සිට කිලෝමීටර් 13 ක් පමණ ඈතින් තබ්බෝව රක්ෂිතයේ සිටියදී දැරිය හමුවුණා.

පොලිසිය සඳහන් කළේ දැරිය රක්ෂිතයට ගිය ආකාරය සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත තොරතුරක් හෙළිවී නොමැති බවයි. මේ වනවිට අදාළ දැරිය පුත්තලම මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ලෝක ළමා දිනය සහ 
වැඩිහිටි දිනය අදයි

'ළමා මිතුරු පරිසරයක් - ලොව බබලන සොඳුරු දැයක්' යන තේමාව යටතේ විශ්ව ළමා දිනය මෙන්ම 'සුපසන් නගරයක් - සොඳුරු වැඩිහිටි වියක්' යන තේමාවෙන් ලෝක වැඩිහිටි දිනයද අද අප සමරනවා.

දරුවා පිළිබඳ පළමු රැකවරණය දෙමව්පියන්  කෙරෙන්ද, දෙවනුව ගුරුවරුන් කෙරෙන්ද, තෙවනුව වැඩිහිටියන් සහ සමාජය කෙරෙන්ද සැළසිය යුතු බව  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. අදට යෙදී තිබෙන ලෝක ළමා දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

මේ අතර, අදට යෙදෙන වැඩිහිටි දින සැමරුම වෙනුවෙන්ද ජනාධිපතිවරයා පණිවුඩයක් නිකුත් කර තිබෙනවා. නාගරීකරණය තුළ වැඩිහිටියන්ගේ සුරක්ෂිතතාව තහවුරු කරමින් ඔවුන්ගේ අත්දැකීම්, දැනුම සහ බුද්ධිය සමාජයට උකහාගැනීම සඳහා විධිමත් සාධනීය ක්‍රියාමාර්ගයකට එළඹීම වැදගත් වන බවයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වැඩිහිටි දින සැමරුම වෙනුවෙන් නිකුත් කළ නිවේදනයේ  දැක්වෙන්නේ.


අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහද අදට යෙදෙන ළමා දින සැමරුම වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කර තිබෙනවා.  දරුවා සියලූ ආකාරයේ ආපදා හා අපයෝජනවලින් මුදාගැනීම දෙමව්පිය වැඩිහිටි සැමගේ බැරෑරුම් වගකීමක් වන බව අග්‍රාමාත්‍යවරයා නිකුත් කළ නිවේදනයේ සඳහන්. මේ අතර ජාත්‍යන්තර වැඩිහිටි දිනය වෙනුවෙන්ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ වියපත් වැඩිහිටි ජීවිත සුරක්ෂිත වන සේ සුබසාධන සේවා දියුණු කිරීමද, පවුල තුළ ශක්තිමත් වන ආර්ථික සමාජ පසුබිමක් ගොඩනැංවීමද අප හමුවේ ඇති අභියෝගයක් බවයි.

සෑම දරුවෙකුගේම ආරක්ෂාව පිළිබඳ වගකීමෙන් කොටසක් දෙමව්පියන් පමණක් නොව රටේ පාලකයන්ද භාරගත යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂද අදට යෙදී තිබෙන ලෝක ළමා දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

මේ අතර ලෝක ළමා දිනය වෙනුවෙන් ජාතික ළමාරක්ෂක අධිකාරියද නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සභාපති නටාෂා බාලේන්ද්‍ර  සඳහන් කළේ දරුවන් කෙරෙහි සංවේදී හදවත් ඇති මිනිසුන් බිහිවීම අද වනවිට අත්‍යාවශ්‍ය සාධකයක් බවට පත්වී ඇති බවයි. වර්තමානය වනවිට දරුවන් අපයෝජනයට ලක් කරන අවස්ථා අසන්නට දකින්නට ලැබීම කණගාටුදායක තත්ත්වයක් බවත්, එය වෙනස් කිරීම සඳහා සමාජමය පරිවර්ථනයක් අවශ්‍ය බවයි ඇය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.


මේස කඩා බිඳ දැමූ Romanගේ සහ Brayගේ සුපිරි තරඟය....






දරුවන් ලවා රත්‍රං බඩු හොරකම් කරවන 
මෙහෙමත් අම්මලා - 
CCTV වීඩියෝ

මව විසින් තම කුඩා දියණිය යොදවා දෙහිඅත්තකන්ඩිය නගරයේ සිදු කල රං භාන්ඩ සොරකමක් වෙළෙදසැලේ සවිකරතිබු CCTV කැමරාවල සටහන්ව තිබේ.

තම කුඩා දියණිය යොදවාගනිමින් වෙළෙද සැලේ හිමිකරුවන්ගේ අවධානය වෙනතකට යොමු අවස්ථාවන් වලදී රාක්කවල ප්‍රදර්ශනය හා අලෙවියට තබා ඇති රත්‍රං බඩු සොරකම් කිරිමට මව විසින් අනුබල දෙන බව එම විඩියෝ දර්ශන නැරඹීමේදි අවබෝධ වේ.

දුරකථනය නාදවිමෙන් වෙළෙද සැලේ හිමිකරුවන්ගේ අවධානය ඒ වෙත යොමු වන අවස්ථාවේ මව දරුවා සොරකම සදහා යොදවන අතර පළමු වර උත්සාහය අසාර්ථක වේ. දෙවන උත්සාහය සාර්ථක වී දරුවා විසින් වළල්ලක් සොරකම්කර කලිසම අභ්‍යන්තරයේ සඟවාගන්නා ආකාරය විඩියෝ දර්ශණ වලින් අනාවරණය වේ.

ඔවුන් සමග පැමිණෙන කුඩා දරුවෙකු වඩාගත් කාන්තාවද වෙළෙද සැලේ හිමිකරුවන්ගේ අවධානය වෙනතට යොමු අවස්ථාවේ රත්‍රං බඩු තිබෙන කබඩ් වෙත අත දමා යමක් ගැනිමට උත්සාහ දරන අන්දම දර්ශන වලින් පෙනේ.

දැරිය විසින් සොරකම් කරන ලද රත්‍රං වලල්ලේ වටිනාකම රුපියල් 80,000ක් බව   රත්‍රං වෙළෙද සැලේ හිමිකරු පවසනවා

දර්ශන අනුව මෙම කාන්තාවන් දෙදෙනා සැලසුම් සහගතව රං ආබරණ වෙළෙද සැල් වෙත ගොස් භාණ්ඩ සොරකම් කරන බවත් ඒ සදහා කුඩා දරුවන්ද පුහුණුකර යොදාගන්නා බව පැහැදිලි වේ.

මේ සම්බන්දයෙන් 2014-09-01 වෙළෙද සැලේ හිමි කරු දෙහි අත්තකන්ඩිය පොලිසය වෙත පැමිණිලි කර ඇති අතර, විඩියෝ දර්ශන මාධ්‍ය වෙත ලබා නොදෙන ලෙස වෙළෙදසැල් හිමිකරුට පොලිසිය ඉල්ලිම් කර ඇත. ඒ අනුව දිර්ඝ කාලයක් මේ සම්බන්දයෙන් පොලිස් කටයුතු සිදුකර නොමැති අතර වෙළෙදසැල් හිමිකරුවිසින් සොරකම සිදු කල පිරිස මහියංගන ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හදුනාගෙන දෙහිඅත්තකන්ඩිය පොලිසියට ඒ බව දන්වා ඇති අතර  මේ වන තුරු ඔවුන් පිළිබද කිසිදු පරික්ෂණයක් සිදු කර නොමැත. සොරකම සිදුකර වසරක් ගතවි ඇති අතර , පුද්ගලයන් හදුනාගෙන ඇතත් පොලිසිය විසින් නිතිය ක්‍රියාත්මක නොකිරිම පිළිබදව වෙළෙදසැල් හිමිකරු කණගාටුවේ.

දරුවන් යොදාගනිමින් සැලසුම් සහතව සොරකම් සිදු කරනා දෙමාපියන් සම්බන්දයෙන් පොලිස් නිළධාරින් නිතිය ක්‍රියාත්මක නොකිරිම රටේ අනාගතය අදුරු වන්නා සේම දරුවන්ගේද හෙට දවස යහපත් වන්නේ කෙදේදැයි ප්‍රශ්න කෙරේ.



පානදුර බැංකුව කොල්ල කෑ 
වෛද්‍ය සිසුවා 
එලෙස කිරීමට හේතු පවසයි

අධ්‍යාපන කටයුතුවලට අවශ්‍ය මුදල් නොමැතිවීම හේතුවෙන් තමන් බැංකු කොල්ලය සිදුකළ බව පානදුර ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවකින් ලක්ෂ 5 ක මුදලක් කොල්ලකෑම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තරුණයා අනාවරණ කර තිබෙනවා.

පෙරේදා (28) අත්අඩංගුවට ගත් මෙම තරුණයා පොලිසිය සිදුකළ වැඩිපුර ප්‍රශ්න කිරීම්වලදී පවසා ඇත්තේ මීට පෙර අවස්ථා කිහිපයකදීම බැංකු කොල්ලයක් සිදුකිරීමට උත්සාහ කළ නමුත් එය අසාර්ථක වූ බවයි.

පෙරේදා පස්වරුවේ පානදුර ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික බැංකුවක් වෙත පැමිණි මෙම තරුණයා එහි මුදල් කවුන්ටරය වෙත ගොස් සේවයේ නිරතව සිටි නිලධාරිනියට අනතුරු අඟවා තිබුණේ ලක්ෂ 5 ක මුදලක් තමන්ට ලබානොදුනහොත් වෙඩි තබන බවටයි.

එමෙන්ම, මුදල් ලබා ගැනීමට බවට හඟවා ඔහු ඇයට ලබාදුන් මුදල් ලදුපතේ ද වෙඩි තබන බව සටහන් කර තිබෙනවා. ඉන් අනතුරුව රුපියල් ලක්ෂ 5 ක මුදලක් අදාළ නිලධාරිනියගෙන් බලෙන් ලබාගත් සැකකරු බැංකුවෙන් පිටතට පැමිණ දිවගොස් ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී මාර්ගයේ රථවාහන රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරියෙකු මොහු පිළිබඳව සැකසිතී පසුපස ලූහුබැඳ ගොස් අත්අඩංගුවට ගෙන තිබුණා. ඊයේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ වනවිට රැඳවුම් නියෝග මත අදාළ තරුණයාගෙන් වැඩිදුරටත් ප්‍රශ්න කිරීම් සිදුකරන බවයි පානදුර - දකුණ පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ.

සැකකාර තරුණයා කොල්ලූපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, රුසියාවේ මොස්කව් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය ශිෂ්‍යයෙකු ලෙස අධ්‍යාපනය හදාරා ඇති බවට පොලිසියට ප්‍රකාශ කර තිබෙනවා. ඉදිරි අධ්‍යාපන කටයුතු සඳහා මුදල් නොමැතිකම හේතුවෙන් නැවත ශ්‍රී ලංකාවට පැමිණි බවයි ඔහු අනාවරණ කර ඇත්තේ.



පෙරහැර මහපාරේ යන අතරෙත් 
බෙරකරුවන් අතින් වාදනය වුණු 
‘‘අවසාන ප්‍රේමයයි මාගේ‘‘ ගීතය..!!



සල්ලාලයන්ගේ ගොදුරක් වන්නට ගිය ‘‘යුවනී‘‘ - 
Reload කරන්නට පෙර කියවන්න!!!

අපේ කතා නායිකාව "යුවනි" . ඇය උසස් පෙළ විභාගයෙන් පස්සේ පෙරපාසල් ගුරු පුහුණු පාඨමාලාවක් හදාරන්න පටන් ගත්තා...

පාඨමාලාව හදාරන අතරේම ඇයට එම පෙරපාසලේ සහ දිවා සුරැකුම් මධ්‍යස්ථානයේ ගුරුවරියක් විදිහට කටයුතු කරන්නත් අවස්ථාව ලැබුනා . ඇය හිටියේ හුඟක් සතුටින් . ඒ ඇයට ලැබුණු මේ අවස්ථාවන් නිසා විතරක්ම නෙවෙයි , පාසල් කාලයේ ඉඳලම ඇසුරු කරපු පෙම්වතාට තවත් ලං වෙන්න මේ අවස්ථාව හුඟක් ප්‍රයෝජනවත් උන නිසා .

පාසල් කාලයේ දාහක් නීති රීති වලට යටත් වෙලා  ගෙවපු ජීවිතෙට වඩා මේ ජීවිතේ ලොකු නිදහසක් ඇයට දැනුනා. යුවනි පුළුවන් හැම අවස්ථාවකම තමන්ගේ පෙම්වතා මුණගැහුනා , කථාකළා .


දිවා සුරැකුම් මධ්‍යස්ථානයේ කටයුතු ඉවර වෙලා නිවසට එන්න කලින් යුවනි හැමදාම පුරුද්දක් විදිහට කරපු දෙයක් තිබුනා . ඒ බස් නැවතුම් පොළ ළඟ තියෙන communication එකෙන් තමන්ගේ ෆෝන් එකට reload එකක් දාගන්න එක .දවසක් පුරුදු විදිහට reload එක දාන්න ඇය phone number එක reload පොතේ ලිය ලිය ඉන්න අතරේ යුවනි ගේ පෙම්වතා call කළා . යුවනිගේ මූණ මලක් පිපුනා වගේ එලිය උනා.

"හෙලෝ ... communication එකට ආවා.... ගමනක් ? ඒ කොහෙද  ?  අම්මලත් එක්ක ? අයියෝ .... ඒ කියන්නේ හවස කතා කරන්න වෙන්නේ නැද්ද  ?  " යුවනි ගේ මූණ අඳුරු උනේ එක මොහොතින් . "හතෙන් පස්සේ ඉතින් මට කතා කරන්න වෙන්නේ නෑනේ ධනු .... එතකොට තාත්තත් ගෙදර ඇවිල්ලනේ .... හරි හරි එහෙනම් උදේට කතා කරන්නකෝ .... පරිස්සමෙන් යන්න . ලව් යු . බායි . " ඇය communication එකෙන් එලියට ආවේ මැලවිලා . communication එකේ වැඩ කරන පිරිමි ළමයි දෙන්නගෙන් එක්කෙනෙක් තමන් දිහා විමසිල්ලෙන් බලන් හිටිය කියලවත් ඇයට ගානක් තිබුනේ නෑ.

යුවනි බස් එකට නැගල ටික දුරක් යද්දී දන්නැති number එකකින් call එකක් ආවා . එහා පැත්තෙන් ඇහුනේ නාදුනන පිරිමි කටහඩක් . " නංගි මං ඔයාගේ බෝයි ෆ්‍රෙන්ඩ් ගේ යාලුවෙක්. මම මනෝජ් . " ඒ වචන ටික ඇහුනු ගමන් යුවනි එකපාරටම ගැස්සුනා . "ඔ..ඔව් .... කියන්න " ඇගේ කටහඬ වෙව්ලුවා ."මං කියන දේ අහලා ඔයා බයවෙන්න එපා නංගි . එයාට වෙන ගර්ල් කෙනෙක් ඉන්නවා. මේ දැනුත් ගියා එයාව හම්බුවෙන්න . මං ඔයාට සේරම ඔප්පු කරලා පෙන්නනම් . ඔයා පොඩි පන්සල ලඟට මේ දැන්ම එන්න . " එහෙම කියලා කථා කරපු කෙනා ෆෝන් එක කට් කළා.

කිසිම දෙයක් ගැන දෙපාරක් හිතන්න යුවනිට කල්පනාවක් තිබුන්නෑ . ඇයට ඔළුව ගිනි ගන්නවා වගේ දැනුනා . මේ වෙනකොට ඒ කථාකරපු කෙනා කියපු පන්සල  පහුකරලා බස් එක ටිකක් දුර ඇවිත් . "කමක් නෑ ... බැහැල ත්‍රී වීල් එකක යනවා." ඇය තමන්ටම කියාගෙන බස් එකෙන් බැස්සා . බස් එක පිටිපස්සෙන්ම වගේ ආව ත්‍රී වීල් එකට අත දැම්මා. "පොඩි පන්සල ලඟට " ඇය යන්න ඕන තැන කිව්වේ ත්‍රී වීල් එකේ වාඩි උනාටත්  පස්සේ. ඇස් වලින් වැටෙන කඳුළු නවත්තගන්න ඇය ලේන්සුව මූණට තද කරගත්තා . ත්‍රී වීල් එක ටික දුරක් යද්දී ඇයට හිතුනා call එක දීපු කෙනාට කථා කරලා බලන්න .

යුවනි කෝල් එක ගන්න කොටම ත්‍රී වීල් ඩ්‍රයිවර් ගේ ෆෝන් එකත් රින්ග් උනා. එත් එක්කමයි යුවනි Side කන්නාඩියෙන් ඩ්‍රයිවර් ගේ මූණ හරියටම දැක්කේ .ඒ communication එකේ වැඩකරන පිරිමි ළමයි දෙන්නගෙන් එක්කෙනෙක් . එක තත්පරයකින් යුවනිට තේරුනා අනතුරක් අතළඟ බව . "නවත්තනවා මේක" යුවනි මහා හයියෙන් කෑ ගැහුවා . එතකොටම  ත්‍රී වීල් ඩ්‍රයිවර් වේගේ වැඩිකරලා පාළු  පාරක් පැත්තට ත්‍රී වීල් එක හැරෙව්වා .ත්‍රී වීල් එකෙන් පනිනවා ඇර  යුවනිට වෙන කරන්න දෙයක් තිබුනේ නෑ .

පාර අයිනේ කුඹුරේ වැඩ කර කර හිටිය කීපදෙනෙක් තුවාල  වෙලා ලේ ගලන යුවනිව හොස්පිටල් එකට ගෙනිච්චා , පහුවෙලා හරි මොළේ කල්පනා කරලා වැඩ නොකලා නම් වෙච්ච අනතුරට වඩා විශාල අනතුරක් යුවනිට සිද්ධ වෙන්න තිබුනා.

ගෑනු ළමයි විතරක් නෙවෙයි , ගෑනු පිරිමි භේදයක් නැතුව හැම කෙනෙක්ම තමන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරගන්න ඕනේ. විශේෂයෙන්ම තමන්ගේ දුරකථන අංකය නන්නාඳුනන අයගේ අතට යන එක වලක්වා ගන්න එක හුඟක් වැදගත්. මේ ස‍‍‍ඳහා දැන් ඔබේ දුරකථන අංකය පිටස්තරයෙකුට ලබා නොදී කෙලින්ම ඔබේ බැංකු ගිණුම හරහා reload කර ගන්න පහසුකම් තිබෙනවා.

(මෙහි එන නම් ගම් සියල්ල මන:කල්පිතය)

එක පන්තියේ යාළුවාට කනට ගහලා 
හැමදාම පොලිසි යන කොළඹ ලොකු ඉස්කෝලෙක 
චණ්ඩි සිසුවා

එකම පන්තියේ මිතුරාට කනට ගැසූ කොළඹ ප්‍රධාන පෙලේ පාසැලක සිසුවෙකුට සෑම දිනකම පාසල ඇරී පොලිසියට වාර්තා කරන්නට නියෝග ලැබුණු පුවතක් පිළිබ‍ඳව වාර්තා වෙනවා.

ඔහු පාසැලේ අනෙක් සිසුන් අතර චන්ඩියෙකු ලෙසින් ප්‍රසිද්ධව සිට ඇත්තේ තමන් විවිධ පුද්ගලයින් හඳුනන බවට පවසමිනුයි.

ඔහු විසින් දිසා විනිසුරුවරයෙකුගේ පුතෙකුට හපන්කම් පෙන්වමින් කනට ගසා ඇති අතර එයින් පසු ඔහුට එරෙහිව පොලිසියේ පැමිණිල්ලක් දමා තිබෙනවා.


මේ පිළිබඳව මහේස්ත්‍රාත්වරයා විසින් සිසුවාව අවවාද කිරීමෙන් අනතුරුව සතියේ සෑම දිනකම පාසල් අවසන් වීමෙන් අනතුරුව කුරුඳුවත්ත පොලිසියේ ස්ථානාධිපතිවරයා වෙත වාර්තා කරන ලෙස නියම කර ඇති අතර මොනම හේතුවක් නිසාවත් නැවැත මෙවැනි සිද්ධි සිදු නොකරන ලෙස සැකකාර සිසුවාට අවවාද කර තිබෙනවා.

කොට කළිසමක් ඇඳගත් නාඳුනන අයෙක් 
වතුයායේ දිව්වලු - 
කොටකෙතන ඝාතනයේ පරීක්ෂණ CIDයට

කහවත්ත - කොටකෙතන -  ඕපාතවත්ත ප්‍රදේශයේදී ඝාතනයට ලක්වූ කාන්තාවගේ සිරුරේ කොටස් වැඩිදුර පරීක්ෂණ සඳහා කොළඹ ප්‍රධාන රස පරික්ෂක කාර්යාලයට සහ බොරැල්ලේ පිහිටි ජීන්ටෙක් ආයතනය වෙත යොමුකර තිබෙනවා.

ඝාතනයට ලක්වූ කාන්තාවගේ පශ්චාත් මරණ පරික්ෂනය ඊයේ රත්නපුර මහ රෝහලේදී සිදු කෙරුණේ අධිකරණ විශේෂඥ වෛද්‍ය ටිකිරි බණ්ඩාරගේ ප්‍රධානත්වයෙන්. එහිදී අනාවරණ වූයේ බරපතල කැපුම් තුවාල 5ක් හේතුවෙන් සිදුවූ අභ්‍යන්තර රුධිර වහනයක් නිසා මරණය සිදුව ඇති බවයි.

එමෙන්ම කාන්තාවගේ හිසෙහි වම් පස කොටසෙහි බරපතල කැපුම් තුවාල ද ඇති බව එහිදී අනාවරණ වුණා. ඝාතනයට පෙර ඇය අතවරයට ලක්වුණාදැයි සොයාබැලීම සඳහා සිරුරේ කොටස් කොළඹට එවා තිබෙනවා.


එමෙන්ම කාන්තාව ඝාතනයට ලක්වූ පෙරේදා (28) දහවල් කොට කලිසමක් හැඳගත් නාඳුනන අයකු වතු යායේ සිට දිව ගිය බව වතු කම්කරුවකු ‍පොලිසියට ලබා දුන් තොරතුරකට අනුව ‍පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

මෙම ඝාතනය පිළිබඳව ප්‍රදේශවාසීන් තිස් දෙනකුගෙන් පමණ ප්‍රකාශ ලබාගෙන ඇති බවත් ඒ අතර කාන්තාව සමඟ සේවය කරන කිහිප දෙනකුද සිටින බවත් වාර්තා වෙනවා.

වැස්ස නිසා ගාල්ල, මාතර 
මිනිස්සු 18,479ක් 
අමාරුවේ

අයහපත් කාලගුණය හේතුවෙන් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල පුද්ගලයින් 18,479 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. එහි සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි කියා සිටියේ අධික වැසිත් සමඟ මාතර - තුඩාව ප්‍රදේශයේ මාර්ගයක ගමන් කරමින් සිටි පුද්ගලයෙකු මතට ගසක අත්තක් කඩා වැටීම හේතුවෙන් මොහු ඊයේ ජීවිතක්ෂයට පත්වී ඇති බවයි.

එමෙන්ම දිස්ත්‍රික්ක 6කට ගොඩනැගිලි පර්යේෂණ ආයතනය ඊයේ පස්වරු දෙකේ සිට ක්‍රියාත්මක කළ නාය යාම් අවදානම තවදුරටත් පවතින බවයි ඔහු කියා සිටියේ.

බදුල්ල, නුවරඑළිය, කළුතර, ගාල්ල, මාතර සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවලටයි මෙම නාය යාමේ අවධානම ක්‍රියාත්මක වන්නේ.



ගිං සහ නිල්වලා ගංඟා පිටාර ගැලීම හේතුවෙන් මේ වන විට ගං වතුර තත්ත්වයක් මතුව ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලවිද්‍යා අංශයේ අධ්‍යක්ෂිකා ප්‍රේමා හෙට්ටිආරච්චි පවසනවා. ඇය කියා සිටියේ කළු ගෙඟ් ජල මට්ටම ඉහළ ගිය ද පිටාර මට්ටමට පැමිණ නොමැති බවයි.

මේ අතර, අපරභාගයේදී සහ රාත්‍රී කාලයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද දිනයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ නිමල් බණ්ඩාර ඒකනායක කියා සිටියේ ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 100ට වඩා තද වැසි ඇති විය හැකි බවයි.

සෑර්ට පැදුර හරි ඉතිරි වුණා - බඳාදා කාටූන්















රෑට ගෙට පැන තරුණියන් නිදියන හැටි 
වීඩියෝ කරන කෝප්‍රල් - 
වීඩියෝ 600ක් තිබිලා

රාත්‍රී කාලයේ ගැහැණු ළමයින් සිටින නිවෙස්වලට ගොස් ඔවුන් නිදාසිටින ඉරියව් ජංගම දුරකථනයෙන් වීඩියෝ ගතකර, ඒවා අන්තර්ජාලයට මුදාහරින බව කියා තර්ජනය කරමින් බලහත්කාරකම් කිරීමට උත්සාහ කළ යුද හමුදා කෝප්‍රල්වරයෙකු අද රක්ෂිත බන්ධනාගාර ගතකෙරුණා.

ඒ, අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් ශානක කලංසූරිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. දෙදරු පියෙකු වන මොහු තිරප්පනේ - තෝඩමඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැකකරු ඊයේ අත්අඩංගුවට ගෙන තිබුණේ තිරප්පනේ නගරයට ආසන්න නිවසක සිටි 17 හැවිරිදි තරුණියකගේ කාමරයකට එබී විදුලි පන්දමක් දල්වා ඇය නිදා සිටි ඉරියව් වීඩියෝගත කරමින් සිටියදියි.


තරුණියගේ කෑගැසීම අනුව අසල්වාසීන් එක්ව ඔහු අල්ලාගෙන පොලීසියට භාරදී තිබුණා. සැකකරුගේ ජංගම දුරකථනය පරීක්ෂා කළ පොලීසියට එහි තිබූ අසභ්‍ය ඡායාරූප සහ රූපරාමු 600 කට වැඩි ප්‍රමාණයක්ද හමුවී තිබෙනවා.

පැයක පරිශ්‍රමයකින් පසු කුලප්පු වූ අලියෙකු 
මෙල්ල කරගත් මීරිගම ඇත්ගොව්වාගේ 
වික්‍රමය - වීඩියෝ

පැයක පමණ කාලයකින් පසු කුලප්පු වූ ඇතෙකු මෙල්ල කර ගැනීමට මීරිගම ප්‍රදේශයේ ඇත්ගොව්වෙකු සමත් වී තිබෙනවා. මෙසේ කළඹල කරන ලද ඈතා මීරිගම ප්‍රදේශයේ ඈතෙකු බව ඇත්ගොව්වා වන එම්.ජි. නිශාන්ත පවසා තිබෙනවා.

හෙම්මාතගම ප්‍රදේශයේ කොට ඇදිමට ඊයේ (29) දිනයේදි ගෙන එන ලද මෙම ඈතාව අද (30) උදෑසන කොට ඇදිමට යෑමට සුදානම් ව යමින් සිටියදි හිටි හැටියේම කලබල කර ඇති අතර එහිදි  ඇත් ගොව්වාට පහර දෙන්නට වට කිහිපයක්ද කැරකි ඇති අතර ඇත්ගොව්වා පසු පසට දිව යමින් අලියාව මෙල්ල කර ගැනිමට වෑයම් කර තිබෙනවා.

නමුත් පාද වලට යොදා තිබුණු තිරිංග හේතුවෙන් අලියා තරමක් දුරට මෙල්ල කර ගැනිමට හැකි වී ඇති අතර එහිදි ඇත් ගොව්වා විසින් පැයක පමණ සටනකින් පසු ඔහු අසළ කැලෑවකට අමාරුවෙන් හරවා එහිදි දම්වැල් කිහිපයකින් ඉදිරිපාද වලටද විලංගු යොද තිබෙනවා.

මෙම අවස්ථාවේදි විශාල පිරිසක් මෙම සිද්ධිය දැක බලා ගැනිමට පැමිණි සිටි අතර වාහන ගමනාගමනයටද බාධා ඇති වී තිබෙනවා. හෙම්මාතගම පොලිසියේ නිලධාරින්ද එහි පැමිණ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු විමසද්දි ඇත් ගොව්වා පවසා සිටියේ මහියංගණයේ පැවති පෙරහැරකට සහභාගි වූ අලියා එහිදී වැදි නැටුමකට බය වී මෙම කලබල කිරිම සිදු කර බවයි. නැතිනම් මෙම අලියා කිසි විටකවත් කලබල නොකරන අලියෙක් බවත් කොට ඇදීම වැනි වැඩ කටයුතු වලදි ඒවා මනාව සිදු කරන බවද නිශාන්ත මහතා පවසා තිබෙනවා.

මෙ වන විට පොලිසිය මිරීගම ප්‍රදේශයේ පදිංචි අලි අයිතිකරුගෙන් තොරතුරු අනාවරණය කර ගැනිමට සුදානමින් සිටින බවත් අද දිනයේ අලියා ලවා කොට ඇදිම නොකරන ලෙසද පොලිසිය විසින් ඇත්ගොව්වාට උපදෙස් ලබා දෙන ලද අතර මේ වන විට අලියා දුම්බුළුවාව ප්‍රදේශයේ බැද ඇති බවද පොලිසිය සඳහන් කරයි.



Hirugossip

අහිංසා නම් දැරියක් අතුරුදන්ව සිටියදී පැය 12ක මෙහෙයුමකින් පසු 
ගල්ගුහාවකින් සොයාගැනේ - ගිය හැටි අමතකයිලු
අදෘෂමාන බාලවේගයක් දැරිය අරන් ගිහින්ලු

නිවසින් අතුරුදහන්වී සිටි වයස අවුරුදු තුනහමාරක් වන පුංචි දැරිවියක් මහ වනාන්තරයේ ගල් ගුහාවක් තුළ සිටියදී පැය 12 ක පමණ මෙහෙයුමකින් අනතුරුව සොයා ගෙන තිබෙනවා.

අතුරුදහන්වී සිටියදී සොයා ගෙන ඇත්තේ කරුවලගස්වැව - පහරිය පදිංචිකාරයක් වන කිරිහෙට්ටිගේ දිනිති අහිංසා නම්වූ දැරිවියකි. ඊයේ (29) සවස 3.30 ට පමණ මෙම දැරිවිය එක්වරම අතුරුදහන්වී ඇත. ප්‍රදේශවාසීන් මෙන්ම කරුවලගස්වැව පොලීසියද එක්ව ඇය සොයා මෙහෙයුමක් ආරම්භ කර ඇතත් සවස් වන තුරුම සොයා ගැනීමට නොහැකිවී ඇත.


මේ අතර ප්‍රදේශයේ දේවාලයකට ‍ගොස් දැරිවිය සම්බන්ධයෙන් තොරතුරු විමසා බැලීමට ඇයගේ වැඩිහිටියන්ට කටයුතු කර තිබෙනවා. එම දේවාලයේ සිටි අය පවසා ඇත්තේ මේ වන විට දැරිවිය මහා වනාන්තරයේ ගල් ගුහාවක් තුළ තනිවම සිටින බවත්, එම ස්ථානයට ගොස් කාන්තාවක් කථා කළහොත් පමණක් ඇය පිටතට පැමිණෙන බවත්ය.

ඒ අනුව තබ්බෝව අභය භූමියේ සැතපුම් 10 ක් පමණ වන ඝන වනාත්තයේ ඇති ගල් ගුහාවක් වෙත දැරිවිය සොයන කණ්ඩායම 30 වැනිදා අළුයම 3.30 ට පමණ ළඟා වී ඇත. කණ්ඩායමේ සිටි කාන්තාවක් විසින් දැරිවියගේ නම කියා කථා කළ විට ඇය ගල් ගුහාවේ සිට පිටතට පැමිණ ඇති බව පොලීසිය කියයි.

පසුව පොලිස් නිලධාරීන් සහ දැරිවිය සොයා ගිය කණ්ඩායම එක්ව ගල් ගුහාව සෝදිසි කර බැලුවද වෙනත් කිසිවෙකුත් එහි සිට නැත. වෙනත් කිසිවෙකු සිටි බවට සළකුණක් හෝ තිබී නැත.

තම නිවසේ සිට සැතපුම් 25 ක් පමණ දුරකින් මහ වනාන්තරය තුළ පිහිටි ගල් ගුහාවට කෙසේ පැමිණියාද යන්න හෙලි කිරීමට දැරිවිය සමත්වී නොමැති බව පොලීසිය කියයි.  කිසියම් අදෘෂමාන බාලවේගයකින් දැරිවිය ඇය රැදී සිටි ගල් ගුහාව කරා යන්නට ඇති බවට විශ්වාස කරන්නේ යැයි පොලීසිය කියයි.

සොයා ගත් දැරිවිය වෛද්‍ය පරීක්ෂණයක් සදහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කිරීමට නියමිතව ඇත. කරුවලගස්වැව පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.  

Hirugossip

කොලේක වැකියක් ලියලා දීලා පානදුර බැංකුව කො‍ල්ලකාපු අලුත් විදියේ හොරා - වීඩියෝ
වෙඩි තියන බව රිසිට් එකේ ලියලා
හොරකමට සම්බන්ධ වෛද්‍ය සිසුවෙක්ලු

පානදුර ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවක අයකැමිවරියක් බියට පත්කර මුදල් කොල්ලකා පළාගිය පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට පොලීස් නිලධාරියකු සමත් වුණා. අදාල පුද්ගලයා කොල්ලකාගත්  මුදල රුපියල් ලක්ෂ 5 ක්.

පානදුර ප්‍රදේශයේ  බැංකුවක් වෙත පස්වරු 5.30 ට පමණ පැමිණ ඇති පුද්ගලයකු එහි අයකැමිවරියක් වෙත මුදල් තැන්පත් කිරීමේ රිසිට් පතක් ඉදිරිපත් කරා. අදාල රිසිට් පතේ ඔහු සටහන් කර තිබුණේ - 'මා සතුව ගිනි අවියක් තිබෙනවා.. මම ඔබට වෙඩි තබනවා... සියලු මුදල් දෙන්න.. ඔබ අනතුරු ඇගවීමේ සංඥා ක්‍රියාත්මක කළහොත් මම වෙඩි තබනවා.."  යනුවෙන්.

කෙසේ වෙතත් මෙලෙස පැහැරගත් රුපියල් ලක්ෂ 5ක මුදල සමග පලාගිය පුද්ගලයා බැංකුව ආසන්නයේ සේවයේ යෙදී සිටි පානදුර පොලීසියේ නිලධාරියෙකු අත්අඩංගුවට ගැනීමට සමත්වී තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට පත් පුද්ගලයා කොළඹ, මාලිගාවත්ත ප්‍රදේ‍ශයේ පදිංචි 24 හැවිරිදි තරුණයෙක්.

පොලීසිය පැවසුවේ ඔහු සතුව ගිනි අවියක් නොතිබූ අතර මෙම තරුණයා මොස්කව් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යාව හදාරා 2011 වසරේ මෙරටට පැමිණ ඇති බවද ප්‍රශ්නකිරීම් වලදී අනාවරණය වූ බවයි.

කොල්ලකරු -  පානදුර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව දින 7ක් පොලීසියේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබාගෙන තිබෙනවා.




රැන්ඩි ආවත් හරි කට්ටියටම මොකද උනේ...








ජනප්‍රිය නළු ධනුක 
රූගත කිරීමක් අතර 
ගුටිකන්න ගිය හැටි - වීඩියෝ

යොවුන් පරපුරේ ජනප්‍රිය නළුවෙක් වුණු ධනුක දිල්ෂාන් පසුගිය දවසක ඔහු අලුතින් රඟපාන මියුසික් වීඩියෝ එකක් අතරතුරදි පොඩි අකරතැබ්බයකට මුහුණ දුන්නා. ඒ වීඩියෝ එක රෑගත කරන අවස්ථාවේ, අදලා ස්ථානය තමන්ගේ කියලා කියපු පුද්ගලයෙක් ඇවිත් කලබලකාරි විදියට හැසිරෙන්න පටන්ගත්ත නිසා. මරදාන පැල්පත් නිවාස ආශ්‍රිත ප්‍රදේශයක තමයි මේ සිද්ධිය වෙලා තියෙන්නේ.

මේ පුද්ගලයා ධනුකගේ ෂර්ට් එකෙන් අල්ලලා ගහන්නත් ගියා කියලා තමයි අපිට ආරංචි වුණේ. කොහොම වුනත් සිද්ධිය වෙන වෙලාවේ පොඩි වීඩියෝවකුත් එතන හිටපු කෙනෙකුගේ ෆෝන් එකෙන් වීඩියෝ කරලා අපිට හම්බවුණා.

ඒ වීඩියෝව පහතින් නරඹන්න....



සිසුවියන් 4කගේ 
හිරිඔතප් බිඳින්න හැදූ 
ගුරා

මස්කෙළිය ප්‍රදේශයේ වතු පාසැලක 10 වසරේ අධ්‍යාපනය ලබන සිසුවියන් සිව්දෙනෙකු (4) අපයෝජනය කිරීමට තැත්කලේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් එම පාසැලේ ගුරුවරයෙකු මස්කෙළිය පොලීසිය මගින් ඊයේ (28.09) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පෙරේදා (27.09) පස්වරුවේ එම පාසැලේ සිසුවින්ට ඔහුගේ නිවසේදී බාහිර පන්ති පවත්වන අවස්ථාවේ මෙම සිසුවියන් සිව්දෙනාව (4) අපයෝජනය කළ බවට එම සිසුවියන් හා සිසුවින්ගේ දෙමාපියන් විසින් මස්කෙළිය පොලීසියේ පැමිණිල්ලක් කර තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකාර ගුරුවරයා අද (29.09) හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවත් එම සිසුවියන් සිව්දෙනා දික්ඔය මූලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන බවත් මස්කෙළිය පොලීසිය පවසනවා. මෙම සැකකරු නෝර්වුඞ් ප්‍රදේශයේ පදිංච් විවාහකයෙකු බවට පැවසෙනවා.

Hirugossip

ලොවම කළඹමින් 
අඟහරුගේ ජලය ඇති බවට 
හෙළිවෙයි ?

අඟහරු ග්‍රහයා මතුපිට ජලය සම්බන්ධ සැලකිය යුතු දත්ත හමුවී ඇති බව නාසා ආයතනය පවසා තිබෙනවා.  එය වියළි ග්‍රහලෝකයක් නොවන අතර ඇතැම් ස්ථානවල තෙත් බිම් කලාප පිළිබඳ දත්ත ලැබී ඇති බවයි විද්‍යාඥයන් පවසා ඇත්තේ.

ඒ අනුව අඟහරු ග්‍රහයා මතුපිට ජීවය සම්බන්ධයෙන් යම් සාධක ලබාගත හැකි බවත් නාසා ආයතනය ප්‍රකාශ කර තිබෙන අතර  ඒ පිළිබඳ වැඩිදුර විමර්ශන සඳහා ඉදිරියේදී තවත් යානයක් කක්ෂගත කිරීම ඔවුන්ගේ අපේක්ෂා කරන බවද වාර්තා වෙනවා.








ජනපති මෛත්‍රී 
ඔබාමා හමුවෙයි

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 70 වන සැසිවාරයට පැමිණ සිටින රාජ්‍ය නායකයින් සඳහා ඊයේ(28) එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බැන් කී මූන් මහතා විසින් සූදානම් කර තිබූ දිවා භෝජන සංග්‍රහය සඳහා සහභාගි වූ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති බැරැක් ඔබාමා මහතා හමූ අවස්ථාවේ ඡායාරූපයක් ඉහතින් දැක්වේ..

කොණ්ඩයා ජින්ටෙක් එකට ගෙනැත් - 
17 සිසුවාට අත්අඩංගුවට ගෙන සිටියදී 
පහර දීලාලු

කොටදෙනියාව සේයා සදෙව්මි ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින දුනේෂ් ප්‍රියශාන්ත හෙවත් කොණ්ඩයා ඊයේ බොරැල්ලේ පිහිටි ජීන්ටෙක් ආයතනය වෙත ඉදිරිපත් කෙරුණා.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් එම්.ඩී. රෝහණ පුෂ්පකුමාර සඳහන් කළේ ඔහුගේ සිරුරේ අංශ කිහිපයකින් DNA වාර්තාවක් ලබා ගැනීම සඳහා එම ආයතනයට ඉදිරිපත් කළ බවයි.

මේ අතර, කොටදෙණියාව ‘‘සේයා සදෙව්මි’’ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් 17 හැවිරිදි පාසල් සිසුවා සහ එක් දරු පියා යළි ඔක්තෝම්බර් මස 2 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

17 හැවිරිදි සිසුවා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ පොලිස් අත්අඩංගුවට ගෙන සිටියදී සිසුවාට පහරදීමක් සිදුව ඇතැයි ලැබී ඇති තොරතුරු මත ඔහු වෛද්‍ය පරීක්ෂණයකට ලක් කර වාර්තාවක් ලබාදෙන ලෙසයි.

එම ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත් ඩී.ඒ.රුවන් පතිරණ අදාළ එම වාර්තාව ලබාදෙන ලෙසට ද නියෝගයක් කළා.



ඉරත් කපලා, පොලිසියට පගාවත් දීලා, 
දුන්නු හැටි ෆේස්බුක් දාලා - වීඩියෝ
"ඔය පොත යටින් තියලා පලයන්"

පසුගිය කාලය පුරා අන්තර්ජාලය ඔස්සේ පොලිස් නිලධාරීන් හා රියදුරන් අතර ඇතිවූ උණුසුම් වචන හුවමාරු පිළිබඳව වන වීඩියෝ රැසක් හුවමාරු වුණා. එලෙසින්ම වූ තවත් වීඩියෝවක් මේ වන විට අන්තර්ජාලයට එක්කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ පුද්ගලයෙකු විසින් තනිඉර කැපීමේ වරදකට දඩයක් නියම වන්නට ගොස් එයින් බේරීමට පොලිසියට මුදල් ලබාදෙන අයුරුයි.

පොලිස් නිලධාරියාද මුදල් පොත යටින් තබා යන ලෙස පවසන අතර සිද්ධිය වීඩියෝ කළ පුද්ගලයා තමන්ද කරන්නේ වරදක් බව නොදැන මෙම වීඩියෝව අන්තර්ජාලයට මුදාහැර ඇති බවටයි එයට අදහස් දැක්වූ පිරිස් පවසා ඇත්තේ.

එම වීඩියෝව පහතින්.....




Popular Posts

Find us on Facebook

Gossip Lanka Stats

Blog Archive

Labels