Contact Gossip Editor

Popular Posts

Popular on Facebook

Blog Archive

Powered by Blogger.

Afghan 'Plastic Bag Boy' Excited About Messi Meeting - VIDEO  

පොලිතින් උරයක් ඇඳගෙන පාපන්දු ගහපු 
පුංචි වීරයාට මෙසී දුන්න 
අමතක නොවෙන තෑග්ග - Video

ලියොනල් මෙසී කියන්නේ ලෝකෙ ඉන්න ජනප්‍රියම පාපන්දු ක්‍රීඩකයෙක්. ඒ වගේම බොහොම නිහතමානි ක්‍රීඩකයෙක්. ඒක නිසාම ලොකු පොඩි භේදයක් නැතුවම ගොඩ දෙනෙක් මේ ක්‍රීඩකයාට ආදරය කරනවා. ඊට හොඳම උදාහරණයක් ඇෆ්ගනිස්ථානයෙන් අසන්නට ලැබෙනවා.

තවමත් අවුරුදු 5 ක් පමණ වූ පුංචි මුර්ටාසා මෙසීගේ ලොකු රසිකයෙක්.

මේ පුංචි පාපන්දු ක්‍රීඩකයා මෙසීට තියෙන ආදරෙ කොච්චරද කිව්වොත් ඔහු පොලිතින් බෑගයකින් හදාගත් ජර්සියක මෙසීගේ නම සහ අංක 10 සටහන් කර ගෙන පාපන්දු ක්‍රීඩාවේ යෙදෙන වීඩියෝවක් අන්තර්ජාලයේ දකින්න ලැබුණා. ඔහු මේ විදිහට ක්‍රීඩා කරලා තිබ්බෙ ඇෆ්ගනිස්ථානයේ බොහොම කර්කෂ පරිසරයක් ඇති ඝාස්නි ප්‍රදේශයේයි. මේ වීඩියෝ එක දැක්ක මෙසීට මේ පුංචි ක්‍රීඩකයාව හම්බවෙන්න තිබ්බෙ ලොකු උවමනාවක් තිබිලා තියෙනවා. 
කෙසේ වෙතත් ඊට පස්සෙ මේ පුංචි ක්‍රීඩකයාට එයාගේ හිනේ හැබෑ වුණා. මෙසී එයාට තමන්ගේ නම සඳහන් කරපු ජර්සියක් ලබා දීලා. මේ වෙද්දි මේ පුංචි ක්‍රීඩකයාගේ ලොකුම රසිකයා වෙලා තියෙන්නෙ ලියොනල් මෙසී.




0 comments

Post a Comment

Popular Posts

Find us on Facebook

Gossip Lanka Stats

Blog Archive

Labels