Contact Gossip Editor

Popular Posts

Popular on Facebook

Blog Archive

Powered by Blogger.

Sarath fonseka news  

සරත් ෆොන්සේකාට ඇමති ධුරයක්

ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සහ එක්සත් ජාතික පෙරමුණ අතර අවබෝධතා ගිවිසුම හෙට පස්වරුවේ අරලියගහ මන්දිරයේදී අත්සන් කෙරෙනවා.
එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා අතර පවත්වන ලද සාකච්ජා වට කිහිපයකින් අනතුරුවයි මෙලෙස අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබෙන්නේ.

ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ඉදිරි පළාත් පාලන ජන්ද විමසීමේදී සිය පක්ෂය එක්සත් ජාතික පෙරමුණ යටතේ තරඟ කරන බවයි. එමෙන්ම අමාත්‍ය එම්.කේ.ඒ.ඞී.එස්. ගුණවර්ධනගෙන් හිස්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයේ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා ඉදිරි සතියේදී දිවුරුම් දීමට නියමිතයි.
පාර්ලිමේන්තුවට පිවිසෙන සරත් ෆොන්සේකාට අමාත්‍ය ධුරයක් ලබාදීමට එකඟත්වය පළ වී තිබෙනවා. මීට අමතරව බස්නාහිර පළාත් සභාවේ අමාත්‍ය ධූරයක් ද ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට හිමිවනු ඇති.
බොහෝදුරට හෙළ උරුමයේ පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ විසින් දරණ ලැබූ බස්නාහිර පළාත් සභා සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය මෙම පක්ෂයට හිමිවනු ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.
දැනට මෙම අමාත්‍යාංශය පවතින්නේ පළාත් මහ අමාත්‍යවරයා යටතේයි. එමෙන්ම රාජ්‍ය ආයතන කිහිපයක ඉහලපෙළේ තනතුරු කිහිපයක් ද මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමෙන් පසුව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට හිමිවනු ඇති බවයි එම පක්ෂයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.
මේ අතර, අස්ගිරි පාර්ශවයේ මහ නායක අතිපූජ්‍ය ගලගම ශ්‍රී අත්තදස්සී හිමියන් අද ප්‍රකාශක කළේ සරත් ෆොන්සේකාට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් ලබා දීම ගැන තමන් වහන්සේ සතුටු වන බවයි.
උන්වහන්සේ මේ බව කියා සිටියේ මහනුවරදී අද විශේෂ ප්‍රකාශයක් කරමින්.

0 comments

Post a Comment

Popular Posts

Find us on Facebook

Gossip Lanka Stats

Blog Archive

Labels