Contact Gossip Editor

Popular Posts

Popular on Facebook

Blog Archive

Powered by Blogger.

Mom hears dead son inside 4 year old girl  

මියගිය පුතුගේ හදවත දැරියකට බද්ධ කර
වසර 3 කට පසු පුතුගේ හදවත ගැහෙන රාවය අසා
වැලපුණු මවකගේ සංවේදි කතාව - Video

සමහරු දුකට අඬනකොට තවත් සමහරු සතුටට අඬනවා. දුක සහ සතුට අතරෙ තියෙන්නෙ ගොඩක් සමීප සම්බන්ධයක්. ඒ වගේ අම්මා කෙනෙක් සතුටට අඬන අතරෙ තවත් අම්මා කෙනෙක් දුක් වුණු සංවේදි කතාවක් මේ.


ජෝර්ඩන් ඩෙර්ක් මෙලොව එළියට දුටු දිනේ පටන් පළමුවෙනි අවුරුදු හතරම ගත කළේ රෝහලේ ඇඳක් මත. ඒ ඇය උපන් දිනේ පටන්ම දරුණු හදවත් රෝගයකින් පෙළුණු නිසා. වෛද්‍යවරුන් කිව්වෙ ඇය ජීවත් කරවන්නට නම් වයස අවුරුදු හතරකට වඩා අඩු දරුවෙකුගේ හදවතක් ඇයට බද්ධ කළ යුතු බවයි. එවැනි හදවතක් සොයා ගැනීම එතරම් පහසු කාර්යයක් නොවුණත් 2013 ජුනි 18 වැනිදා ඇයගේ ජිවිතයට ආලෝකමත් දවසක් වුණා.

නමුත් එදිනම ඇරිසෝනාවේ ජිවත්වූ මාස 18 ක් වයස ලූකස් ක්ලාක් නම් වූ සිඟිත්තාගේ මවට සිය ජිවිතයේ අඳුරුතම දිනය බවට පත් වුණේ එදා.. ඒ ලුකස් ව රැකබලා ගැනීමට ආ හෙදියගේ පෙම්වතාගේ දරුණු පහර දීම නිසා ලූකස් ක්ලාක් ජීවිතය අතහැරීම නිසා.

පසුව කුඩා කලදී ම අවාසනාවන්ත විදිහට මෙලොව හැර ගිය තම පුතාගේ සිරුර තුළ වූ නීරෝගී අවයව පරිත්‍යාග කරන්නට ඇය කල්පනා කළා. ඒ අනුව අවයව රෝගී වීම නිසා ජීවිතය හැර යාමේ අවදානමට මුහුණ දී සිටින දරුවන්ගේ ඉරණම වෙනස් කිරීම සඳහා ලූකස් ක්ලාක් ගේ මව හෙදර් පියවර ගත්තා.
ඒ අම්මාගේ උතුම් ක්‍රියාව නිසාම මේ ලෝකේ තවත් අම්මලා තුන් දෙනෙකුට තම දරුවන් පිළිබඳ අලුත් බලාපොරොත්තු ඇති කර ගන්න පුලුවන් වුනා. ඒ අම්මලා අතරේ ඊස්තර්ගේ දියණිය ජෝර්ඩ්න් ඩෙර්ක් ද සිටියා. අකාලයේ මෙලොව හැර ගිය ලූකස් ක්ලාගේ හදවත අන්තිමට ජෝර්ඩන්ට බද්ද කළා. සැත්කමෙන් වසර තුනකට පසු මේ අම්මලා දෙදෙනා පසුගිය දා එකට මුණගැහුණා.

වසර තුනක කාලයක් මියගිය  තම පුතුගේ මතකය තුළ ජීවත් වූ ලූකස් ක්ලාක් ගේ අම්මා හෙදර්ට එදින තම පුතුගේ හදවත ගැහෙනා රාවය ජෝර්ඩ්න්ගේ පපුවට කන තබා අසන්නට ලැබුණා.



0 comments

Post a Comment

Popular Posts

Find us on Facebook

Gossip Lanka Stats

Blog Archive

Labels