Contact Gossip Editor

Popular Posts

Popular on Facebook

Blog Archive

Powered by Blogger.

CID Investigates Verbal Abuse Against The President Via The World Wide Web  

ජනපති මෛත්‍රීට ප්‍රසිද්ධියේ 
කුණුහරුපෙන් බැනලා වීඩියෝ ෆේස්බුක් දැම්ම 
පිටරට අක්කලා, මල්ලිලාට වැඩ වරදී

පසුගියදා ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් රිමාන්ඩ් බන්ධනාගාර ගත කෙරුණු පසු උන්වහන්සේ නිදහස් කරන ලෙස පවසා ෆේස්බුක් ඔස්සේ ජනාධිපතිතුමා හට අසභ්‍ය වචන වලින් බැන වීඩියෝ සමාජජාල වෙබ් අඩවි වෙත මුදාහැරි පුද්ගලයින් සොයා විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

නින්දිත වචන භාවිතා කරමින් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිට කුණුහරුපයෙන් බැන ජිවිත තර්ජන එල්ලකර පුද්ගලයන් කිහිප දෙනෙක් සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව (CID) පරීක්ෂණ ආරම්භ කොට ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කරනවා.

සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා මේ සම්බන්ධයෙන් දැක්වූ අදහස් පහතින්....
"සමාජ වෙබ් ජාලා ඔස්සේ ජනාධිපතිතුමන් වෙත මරණ තර්ජන සිදුකරමින් ඒ වගේම නොයෙකුත් ආකාරයේ අසභ්‍ය වචන ප්‍රකාශ කරමින් පුද්ගලයන් කිහිප දෙනෙක් විසින් ජනාධිපති තුමන් වෙත තර්ජනය කරන දර්ශන සමාජ වෙබ් ජාලා ඔස්සේ ප්‍රකාශයට පත් වුණා.ඒ පිළිබඳව පැමිණිල්ලක් ලැබී තිබෙනවා.ඒ පැමිණිල්ල මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් විමර්ශනයට ලක් කරනවා.එම විමර්ශන වලින් අනතුරුව අදාළ තැනැත්තන් සම්බන්ධයෙන් නෛතික ක්‍රියාමාර්ග ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් මේ වනවිට විමර්ශන සිදුකරමින් පවතිනවා."

උපුටාගැනීම

0 comments

Post a Comment

Popular Posts

Find us on Facebook

Gossip Lanka Stats

Blog Archive

Labels