Contact Gossip Editor

Popular Posts

Popular on Facebook

Blog Archive

Powered by Blogger.

Grama Sevaka Encounters His Worst Nightmare While On Duty  

බයික් එකට තෙල් දෙන්න කියලා අරන් ගිය 
ග්‍රාමසේවකට තරුණයන් දෙදෙනෙක් 
කැලේ මැදදි අමුතුම විදිහට අතවර කරලා

පසුගිය 4 වැනිදා තරුණයන් දෙදෙනකු විසින් හොරණ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයකු ගොඩකවෙල කොස්වැටිය සුදුගල ප්‍රදේශයේ පාළු ස්ථානයකට රැගෙන ගොස් මරණ තර්ජනය කර පහරදී අස්වාභාවික ලෙස ලිංගික අපයෝජනයකට ලක් කර තිබෙනවා.

පසුව එම නිලධාරිවරයා සතුව තිබූ ඒ.ටී.එම්. කාඩ් පත උපයෝගි කරගෙන රුපියල් 40,000 ක මුදල් බැංකු ශාඛාවකින් රැගෙන එම නිලධාරිවරයාගේ රුපියල් 22,000 ක් වටිනා ජංගම දුරකතනයද පැහැර ගෙන ගොස් ඇති බව ගොඩකවෙල පොලිසිය පවසනවා. හොරණ ප්‍රදේශයේ සේවයේ නියුතු මෙම ග්‍රාම නිලධාරිවරයා රත්නපුර - ඇඹිලිපිටිය මාර්ගයේ ඇඹිලිපිටිය දෙසට යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී පල්ලේබැද්ද කොස්වැටිය සුදුගල ප්‍රදේශයේදී යතුරුපැදියේ ඉන්ධන අවසන් වී එය නතර වී තිබුණා.

ඒ මොහොතේ මාර්ගයේ ගමන් කරමින් සිටි තරුණයකු ග්‍රාම නිලධාරිවරයාගේ උදව්වට පැමිණි අතර යතුරුපැදියට අවශ්‍ය ඉන්ධන ලබා දීමට  හැකි බව පවසමින් ග්‍රාම නිලධාරිවරයා එම මාර්ගය අසලින් ගලා බසින රක්වාන ගඟ දෙසට ඔහුව කැඳවාගෙන ගොස් තිබෙනවා.
එසේ ග්‍රාම නිලධාරිවරයා ගඟ අසල පාළු ස්ථානයකට කැඳවාගෙන ගිය එම තරුණවා එක් වරම තියුණු ආයුධයක් ග්‍රාම නිලධාරිවරයාගේ බෙල්ලට තබා මරා දමන බවට තර්ජනය කරමින් තමන්ට පහරදුන් බව ග්‍රාම නිලධාරිවරයා ගොඩකවෙල පොලිසියට කර ඇති පැමිණිල්ලේ සඳහන් වී ඇත්තේ.
එසේ තර්ජනය කළ එම පුද්ගලයා වෙනත් අයෙකුට ජංගම දුරකතනයකින් කතා කර එම ස්ථානයට ගෙන්වාගෙන ඇති අතර පසුව එම පුද්ගලයන් දෙදෙනාම එකතු වී ග්‍රාම නිලධාරිවරයා ඇඳ සිටි සියලු ඇඳුම් ඉවත් කර ඔහු සතුව තිබූ රුපියල් 22,000 ක් වටිනා ජංගම දුරකතනය සහ ඒ.ටී.එම්. කාඩ් පත පැහැරගෙන එහි රහස්‍ය අංකයද තර්ජනය කරමින් අසා දැනගෙන තිබුණා. එක් පුද්ගලයකු ග්‍රාම නිලධාරිවරයා මරණ බවට තර්ජනය කරමින් ග්‍රහණයේ තබාගෙන සිට ඇති අතර අනෙකා කාඩ් පත රැගෙන අසල බැංකුවකින් රුපියල් හතළිස් දහසක මුදලක් ලබාගෙන ඇති බවද පසුව එම පුද්ගලයන් දෙදෙනා විසින් ග්‍රාම නිලධාරිවරයා අස්වාභාවිකව ලිංගික අපයෝජනයට ලක්කර ඇති බවද පොලිසිය පැවසුවා.

0 comments

Post a Comment

Popular Posts

Find us on Facebook

Gossip Lanka Stats

Blog Archive

Labels