Contact Gossip Editor

Popular Posts

Popular on Facebook

Blog Archive

Powered by Blogger.

Democratic Party ties the knot with UNP today  

,

ෆොන්සේකා - රනිල් එකට එක්වෙන ගිවිසුම

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සහ එක්සත් ජාතික පෙරමුණ අතර, අද (03) අවබෝධතා ගිවිසුමකට  අත්සන් තැබෙයි. පස්වරුවේ අරලියගහ මන්දිරයේදී එම කටයුතු සිදු කෙරෙනු ඇති.  ඒ බව නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා ඊයේ පෙරවරුවේ සනාථ  කළා. ඒ එක්සත් ජාතික පක්ෂ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක ෆීල්ඩ්  මාෂල් සරත් ෆොන්සේකා අතර පවත්වන ලද සාකච්ජා වට කිහිපයකින් අනතුරුවයි මෙලෙස අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබෙන්නේ.



මේ අතර,   සරත් ෆොන්සේකා මහතාට මන්ත්‍රී ධුරයක් පිරිනැමීමට නියමිත බවට පළවන වාර්තා සම්බන්ධයෙන් අස්ගිරි මහානායක අතිපූජ්‍ය ගලගම ශ්‍රී අත්ථදස්සී නාහිමියන් ද අදහස් පලකළා.
".......සරත් ෆොන්සේකා මැතිතුමාට තානාන්තරයක් ලැබෙන බව දැනගන්නට ලැබුණා ඉන් අස්සර වුණත් එතුමාට මේ තනතුරු දීමට සුදුසුයි කියලා යෝජනාවක් ආව බවත් මං දන්නවා.... මං බොහොම සංතෝෂ වෙනවා තිස් අවුරුද්දක් පැවති යුද්ධය ජයගන්නට ලැබුණේ එතුමා නිසා.... මේ විදිහේ තනතුරක් දීමෙන් එතුමාගේ බුද්ධිසම්පන්නකම ක්‍රියාත්මක වෙන හැටි අපිට බලාගන්න පුළුවන්...."

ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ඉදිරි පළාත් පාලන ජන්ද විමසීමේදී සිය පක්ෂය එක්සත් ජාතික පෙරමුණ යටතේ තරඟ කරන බවයි.

එමෙන්ම අමාත්‍ය එම්.කේ.ඒ.ඩී.එස්. ගුණවර්ධනගෙන් හිස්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයේ ෆීල්ඩ්  මාෂල් සරත් ෆොන්සේකා ඉදිරි සතියේදී දිවුරුම් දීමට නියමිතයි. පාර්ලිමේන්තුවට පිවිසෙන සරත් ෆොන්සේකාට අමාත්‍ය ධුරයක් ලබාදීමට එකඟත්වය පළ වී තිබෙනවා. මීට අමතරව බස්නාහිර පළාත් සභාවේ අමාත්‍ය ධූරයක් ද ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට හිමිවනු ඇති.

බොහෝදුරට හෙළ උරුමයේ පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ විසින් දරණු ලැබූ බස්නාහිර පළාත් සභා සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය මෙම පක්ෂයට හිමිවනු ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ. දැනට මෙම අමාත්‍යාංශය පවතින්නේ පළාත් මහ අමාත්‍යවරයා යටතේයි.

එමෙන්ම රාජ්‍ය ආයතන කිහිපයක ඉහලපෙළේ තනතුරු කිහිපයක් ද මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමෙන් පසුව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට හිමිවනු ඇති බවයි එම පක්ෂයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ. එක්සත් ජාතික පක්ෂ මහලේකම්  කබීර් හෂීම් ද  පසුගියදා  සරත් ෆොන්සේකා පිළිබඳ අදහස් පළකළා.

1 comments

  1. nantalefagerland  

    Casino Vegas Map | Find Casinos Near Me
    Find Casinos Near Me near 춘천 출장마사지 you 부산광역 출장안마 on MapYRO. Find Casinos Near you, compare reviews, 용인 출장안마 see photos and explore other popular Arts 오산 출장샵 and Culture 사천 출장마사지 Places.

Post a Comment

Popular Posts

Find us on Facebook

Gossip Lanka Stats

Blog Archive

Labels