Contact Gossip Editor

Popular Posts

Popular on Facebook

Blog Archive

Powered by Blogger.

දවසට රුපියල් 50ක වැටුපට අපි අඳින 
ඩෙනිම් කළිසම් මහන අපේම වයස කොල්ලෝ 
කෙල්ලොන්ගේ දුක්බර කතාව - Photos


කඩෙන් අරගෙන ලස්සනට අඳින ඩෙනිම අපේ අතට එන්නේ කොහොමද කියලා අපි කවුරුත් එච්චර හිතන්නේ නැතුව ඇති. ඒත් ඒ ලස්සනට මැහුනු ඇඳුම පිටිපස්සේ තියෙන්නේ දුක්බර කතාවක්. ඔවුන්ට සතියටම නිදියන්න පුලුවන් පැය 12යි. දවසකට අතට ලැබෙන්නේ ලංකාවේ මුදල් වලින් බැලුවොත් රුපියල් 50ක් වගේ මුදලක්. 

මේ බංග්ලාදේශයේ ඩෙනිම් මහන දරුවන්ගේ කතාව. ඔවුන් උදේ දවල් රෑ නොබලා වැඩ කරනවා. සමහර අවස්ථාවල වැඩකරන ගමන් නින්ද යනවා. බඩගින්නට කන්නේ පුංචි කෑම වේලක්.

ඔවුන් වැඩකරන තැන්වල තියෙන අනාරක්ෂිත බව හින්දා සමහර අවස්ථාවල ජීවිතයෙන් පවා වන්දිගෙවපු අවස්ථා අනන්තයි.
ඔවුන් මේ හැමදෙයක්ම කරන්නේ ජීවත් වෙන්න. ඒ වගේම අපේ විලිවහගන්න අපිට ඇඳුම් මහන්න. ඒත් ඔවුන්ගේ ආරක්ෂාව, අනාගතය වගේම මුළු ජීවිතේමත් ඒ වෙනුවෙන් කැපකරනවා.
















වාහනයක් තුළ ලිංගිකව හැසිරෙද්දී 
සුරූපී පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය 
බෝම්බයක් පුපුරා මියයයි - Photos

රුසියානු ජනාධිපති පුටින්ගේ පක්ෂයේ සිටි සුරූපී මන්ත්‍රීවරියක් ඝාතනය වී තිබෙනවා. ඒ වාහනයක් තුලදී තමන්ගේ සැමියා අතින්මයි. මෙලෙස ඇයව ඝාතනය කර ඇත්තේ මන්ත්‍රීවරිය වෙනත් අයෙකු සමඟ අනියම් සම්බන්ධයක් ඇති බවට සැමියාට ආරංචි වීම නිසා බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඇය තමන්ගේ සැමියා සමඟින් වැඩි ඇසුරකට අකමැති වීම නිසා බෝම්බයක් පෙන්වා ඇයව බියගන්නවා වාහනයක් තුලට රැගෙන ගොස් ඇති අතර පසුව ලිංගිකව එක්වීමෙන් අනතුරුව වාහනය තුලම බෝම්බය පුපුරවාගෙන සියදිවි හානිකරගෙන තිබෙනවා.
දෙදෙනාගේම සිරුරු හදුනාගත නොහැකි ලෙසින් විනාශවී ඇති අතර සිද්ධියට මුහුණු දුන් මන්ත්‍රීවරියගේ සැමියා හමුදාවේ සේවය කරන අයෙකු බවටද තොරතුරු වාර්තා වෙනවා.






කිඹුලන් දෙදෙනෙකුගේ ද්වන්ධ සටනකින් පසු 
එකට හිටිය මිතුරාව 
ගිලදැම්ම හැටි - Photos

සොබාදහමේ සිදුවන ඇතැම් සිදුවීම් කැමරා කාචයේ සටහන් වන්නේ බොහොමත් කලාතුරකින්. එලෙස සටහන්වූ කිඹුලන් දෙදෙනෙකුගේ ද්වන්ධ සටනක ඡායාරූප පෙලක් මේ වන විට අන්තර්ජාලයට එක්කර තිබෙනවා. 

මෙම සිද්ධිය සිදුව ඇත්තේ ඕස්ට්‍රේලියාවේ වන උද්‍යානයක වන අතර එක ලඟ සිටි කිඹුලන් දෙදෙනෙකු සටනකට එළැඹ ඉන් එක් කිඹුලෙකු අනෙක් කිඹුලාගේ ගොදුරක් වන අයුරුයි මෙම ඡායාරූප පෙලෙන් දක්වා ඇත්තේ.

එම ඡායාරූප එකතුව පහතින්.....





උපුටාගැනීම

තරුණයෙක් පැහැරගෙන ගිහින් 
බලෙන්ම ලේ අරගෙන 
පාරමැද දමා ගිහින්

ලේ දෙන්නට කැමැත්තෙන් රෝහල්වලට යන තරුණයින් අතර බලෙන් වාහනයක දමාගෙන ගොස් සහිමූර්ජා කර 20 හැවිරිදි තරුණයෙකුගේ ලේ ලබාගත් සිද්ධියක් සම්බන්දයෙන් වාර්තා වෙනවා. 
තරුණයා මෙම සිද්ධියට මුහුණ දී ඇත්තේ කොළඹ මැලේ වීදිය ආසන්නයේදී වන අතර ඔහුව වෑන් රථයකට නංවාගෙන පිරිසක් මීගමුව ප්‍රදේශයට ගොස් තිබෙනවා.

පසුගිය 28 වනදා මෙම සිද්ධියට මුහුණ දී ඇත්තේ අම්පාර ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු බවට තොරතුරු අනාවරණය කරගෙන ඇති අතරම ඔහු පොලිසිය හමුවේ පවසා ඇත්තේ තමන් වාහනයට නංවාගත් පිරිස එහිදී යම් පානයක් බොන්නට දුන් බවත් එහිදී තමන්ට සිහිමඳ ගතියක් ඇතිවූ බවත්ය.
එම අවස්ථාවේ වාහනය තුල 3දෙනෙකු සිටි බවටද තරුණයා පොලිසිය හමුවේ පවසා තිබෙනවා. මේ සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ පවත්වන අතර සිද්ධියට මුහුණදුන් තරුණයා මීගමුවේ සිටි බස් රථයක නැවත කොළඹට පැමිණයි පොලිසියේ අදාල පැමිණිල්ල කර ඇත්තේ..

නීති පොතේ නැති 
මංතීරු නීතිය ගැන 
හරියටම දැනගන්න

මංතීරු නිතිය ක්‍රියාත්මක කිරීම පසුගිය දින04ක පමණ කාලයක් තුළදී දිගින් දිගටම සිදු කළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියාසිටියේ.කො

ළඹ නගරය තුළත් ශ්‍රී ජයවර්ධනපුර මාර්ගයේත් වැඩිපුර පොලිස් නිලධාරීන් ප්‍රමාණයක් යොදවා නඩු ලබාගැනීමයි මෙහිදි සිදුවන්නේ.  එසේම මංතීරු නිතිය නමින් නීතියක් මෝටර් වාහන පනතේ නැති බවයි රුවන් ගුණසේකර වැඩිදුරටත් කියාසිටියේ.


“මංතීරු නිතිය කියලා කියන්නේ ප්‍රධාන මාර්ගයේ මංතීරු දෙකක් හෝ ඊට වැඩි ගණනක් තිබෙන විට ඒ මංතීරු හරහා අපරීක්ෂාකාරී ලෙස ධාවනය කිරීමත් ඒ ඒ වාහනවලට ගමන්කිරීමට නියමිත මංතීරුවලින් අපරීක්ෂාකාරී ලෙස බැහැරව ගමන්කිරීම බවයි ඔහු කියාසිටියේ.

පොළොන්නරුවට වැටුණු 
ආකාශ වස්තුවෙන් ලෝකයම 
කැලඹෙයි

පොළොන්නරුව - අරලගංවිල - කුඩාවැව වෙල්යායට පතිත වූ උල්කාපාත කොටස් පිළිබද සිදුකරන ලද නවතම පරීක්ෂණවලට අනුව ලෝකයේ විද්‍යාඥයින්ගේ අවධානය ශ්‍රී ලංකාව දෙසට යොමු වී තිබෙනවා. 
රුසියානු පරීක්ෂණාගාරයක් විසින් සිදුකරන ලද නවතම පරීක්ෂණවලින් හෙළි වී ඇත්තේ එම උල්කාපාත කොටස්වල හඳුනාගත නොහැකි ජීවින් කොටසක් සොයාගෙන ඇති බවයි. 

ඒ අනුව එම උල්කා කොටස්වල තිබී යුරේනියම්, තෝරියම් සහ ටයිටේනියම් වැනි විරල ලෝහ හඳුනා ගැනීමට හැකිව ඇති බවයි තාරකා ජීව විද්‍යාඥ කීර්ති වික්‍රමරත්න හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.
පසුගිය 2012 වසරේ කුඩාවැව වෙල්යායට පාෂාණ කොටස් කිහිපයක් පතිත වුණු අතර පසුව සිදුකරන ලද පරීක්ෂණවලින් හෙළිවූයේ ඒවා උල්කාශ්ම කොටස් බවයි. 
එම අවස්ථාවන්හිදී නාසා ආයතනයේ කීර්තිමත් මහාචාර්යවරයෙකු වන රිචඩ්  බිං හූවර් පරීක්ෂණ සිදුකරමින් කියා සිටියේ එම උල්කාශ්ම කොටස්වල තිබී නිර්වායු ශ්වසනය කරන නවතම බැක්ටීරියා ප්‍රභේද දෙකක් ද හදුනා ගත් බවයි.

ගමන් වාරය එනකම් 
කුඩු උරපු 176 බස් ඩ්‍රයිවර්ලා 
මාට්ටු

සිය බස්‌ ගමන් වාරය ලැබෙනතුරු මත්කුඩු පානය කරමින් සිටි පෞද්ගලික බස්‌ රියෑදුරන් දෙදෙනකු හා කොන්දොස්‌තරවරයකු නුගේගොඩ පොදු බස්‌ නැවතුම්පළේදී අත්අඩංගුවට ගැනීමට මිරිහාන විශේෂ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකය ඊයේ (29 වැනිදා) උදේ සමත්වී තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මාර්ග අංක 176 නුගේගොඩ - හෙට්‌ටියාවත්ත අතර ධාවනය වන පෞද්ගලික බස්‌ රථ රියෑදුරන් දෙදෙනකු හා කොන්දොස්‌තරවරයෙකි.

බොහෝ බස්‌ රථ රියෑදුරන් හා කොන්දොස්‌තරවරුන් මත්කුඩු පානය කර බස්‌ රථ පදවන බවට මගීන්ගෙන් එම ඒකකයේ ස්‌ථානාධිපති උප පොලිස්‌ පරීක්‍ෂක ක්‍රිෂාන්ත කාරියවසම් මහතාට ලැබුණු පැමිණිලි ගණනාවක්‌ සම්බන්ධයෙන් අවධානය යොමුකර ආවේක්‌ෂණ නිලධාරීන් යොදවා සොයා බැලීමේ ප්‍රතිඵලයක්‌ හැටියට එම බස්‌ රථ රියෑදුරන් දෙදෙනා හා කොන්දොස්‌තරවරයකු කොටුකරගත් බවද එම ඒකකය පවසයි.
මෙම තිදෙනාම නුගේගොඩ පදිංචි අවුරුදු 50, 33, 41 යන වයස්‌වල පසුවන්නන් බවද එම ඒකකය කියයි. මේ අතර මත්කුඩු පානය කරන තවත් බස්‌ රථ රියෑදුරන් හා කොන්දොස්‌තරවරුන් ඇත්නම් වහාම මිරිහාන පොලිසියට දැනුම් දෙන්නැයිද එම ඒකකය මගී ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

3000කට ගෙන්නගන්න පුලුවන් 
කුලියාපිටියේ අක්කලා දෙන්නා

කුලියාපිටිය පල්ලපිටිය ප්‍රදේශයේ සූක‍්ෂම ලෙස ලැගුම්හලක මුවාවෙන් පවත්වාගෙන යනු ලැබූ ගණිකාවන් සපයන ආයතනයක් වටලා එහි හිමිකරු සමඟ සේවයේ යෙදෙමින් සිටි කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට කුලියාපිටිය කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයට හැකිව තිබෙනවා.
උපායදූතයෙකු මගින් කාන්තාවක් රුපියල් 3000ක් ගෙවා ඇණවුම් කර හිමිකරු විසින් කාන්තාවක් ලබාදෙන මොහොතේ සූක‍්ෂමව පොලිසිය මගින් අදාළ කාන්තාවන් දෙදෙනා සහ හිමිකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු හා සැකකාරියන් දෙදෙන කුලියාපිටිය අධිකරණයට ඉදිරිපත්කිරීමෙන් අනතුරු ආයතන හිමිකාර සැකකරු වරද පිළිගැනීමට පලකළ එකඟතාවය මත රුපියල් ලක‍්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් හා රුපියල් පනස්දහසක මුදල් ඇපයක් මත  මුදා හැර සෑම ඉරුදිනකම පොලිසියට වාර්තාකරන ලෙසත් සැකකාරියන් දෙසැම්බර් මස 04 දක්වා රක‍ෂිත බන්ධනාගාර ගත කොට එමගින් මගින් සමාජ රෝග වාර්තාවක් එදිනට ඉදිරිපත්කරන ලෙසත් වැඩබලන මහේස්ත්‍රාත් ජෙනී අමරසිංහ මහත්මිය නියම කළාය.
එසේ ඇප මත මුදාහැරුණේ පල්ලපිටිය නරිහන්දිය ප්‍රදේශයේ පවත්වාගන යන ලැගුම්හල් හිමිකරු වන අතර රක‍්ෂිත බන්ධනාගාර ගත වූයේ කටුවන හා සීදූව ප්‍රදේශයේ වයස අවුරුදු 24 හා 25 කාන්තාවන් දෙදෙනෙකි.
දිගින් දිගටම ලද මහජන පෙත්සම් පිළිබඳව කරුණු සැලකිල්ලට ගෙන කුලියාපිටිය කොට්ඨාශභාර පොලිස් අධිකාරී කපිල කඩුපිටිය සහකාර පොලිස් අධිකාරී ධර්මසේන රත්නායක යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි  සැකකරුවන් අත්අඩංගුවට ගත් අතර වැඩිදුර පරීක‍්ෂණ මෙහෙයවති.

ලී අස්සේ සිටි මාරයා 
ඇඟට ගොඩවෙලා බිල්ලක් 
ගත්ත හැටි - CCTV දර්ශන

එප්පාවල නගරයේ වෙළඳසැලකින් ලී මිලදී ගැනීමට ගිය පුද්ගලයෙකු මතට ලී තොගයක් පතිත වීමෙන් තුවාල ලබා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම හදිසි අනතුරට ලක්වූයේ අනුරාධපුර විහාර බුලන්කුලම ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි එක් දරු පියෙක්. 

මොහු එප්පාවල පොලිසිය හන්දිය ප්‍රදේශයේ පිහිටි ලී වෙළඳසැලකට පැමිණ ඇත්තේ වහලයට අවශ්‍ය ලී මිලදී ගැනීම සදහායි. 


කෙසේ වෙතත්, හදිසියේම ගබඩා කර තිබූ ලී තොගයක් ඔහුගේ ශරීරයට පතිත වී ඇති අතර, බරපතල තුවාල ලැබූ ඔහු අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා. 

එම අවස්ථාවේ CCTV වීඩියෝව පහතින්.....



බිමහෙළු රුසියානු යානය යන ගමන් මඟ 
දැනගෙන හිටියේ ඇමරිකාව විතරයිලු - 
ඒකට තුර්කියෙන් ගැහුවේ කොහොමද ?

පසුගියදා රුසියානු ප්‍රහාරක ජෙට් යානයක් තුර්කිය විසින් බිමහෙළිමත් සමඟින් බොහෝ පිරිසක් ඒ පිළිබඳව කතාබහ කරන්නට වූයේ රුසියාව තරම් ප්‍රබල රටකට මෙවන් ප්‍රහාරයක් එල්ලකරන්නට තරම් තුර්කිය ඉක්මන් වූයේ ඇයිද යන ප්‍රශ්නය ඉදිරියට තබමිනුයි. එම ප්‍රහාරයෙන් පසුව වාර්තාවූයේ රුසියානු යානය තුර්කි දේශසීමාවන් පසුකර රට තුලට ඇතුලු වූ නිසාවෙන් මෙම ප්‍රහාරය එල්ල කළ බවයි.
කෙසේ නමුත් සිරියානු දේශ සීමා ආසන්නයේදී තුර්කිය බිම හෙලූ තම ගුවන් යානය හඳුනාගත නොහැකි වූ බවට තුර්කි රජය කරන ප්‍රකාශ රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින් ප්‍රතික්ෂේප කළා. යානයේ ගමන් මග තුර්කියේ හිතවතෙකු වන ඇමෙරිකාවට දැනුම්දී තිබූ බවයි ඔහු කියා සිටියේ. 

යානය තුර්කි ගුවන් සීමාවට ඇතුළු වූ බවට කරන ප්‍රකාශ ද බිම හෙලූ යානයේ සිටි දිවි ගලවා ගත් රුසියානු නියමුවා ප්‍රතික්ෂේප කර තිබෙනවා. 
එස් යූ 24 රුසියානු ප්‍රහාරක යානය පහසුවෙන් හඳුනා ගැනීමට හැකි බවයි රුසියානු ජනාධිපතිවරයා අවධාරණය කළේ. එය ඇමරිකානු ගුවන් යානයක් වී නම් මේ ආකාරයේ ප්‍රතිචාරයක් දක්වන්නේ දැයි ජනාධිපති පුටින් තුර්කියෙන් ප්‍රශ්න කර සිටියා.

ISIS ත්‍රස්තයින්ට එක්වූ 
පළමු ඉන්දියානුවා ගැනත් 
තොරතුරු හෙළිවෙයි

අයි.එස්. අයි. එස් ත්‍රස්ත සංවිධානයට සම්බන්ධ පළමු ඉන්දියානු ජාතිකයා පිළිබදව තොරතුරු අනාවරණ වී තිබෙනවා. 

පසුගිය අගෝස්තු මාසයේදී ඉරාකයේ දි කුර්දි හමුදාවට එරෙහිව එල්ල කරන ලද මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් සිදුකළේ මෙම පුද්ගලයා බවටයි අනාවරණ වී ඇත්තේ. 


23 හැවිරිදි ෆයිසාර් මජීඩ් නමැති මෙම ඉන්දියානු තරුණයා අයි.එස්.අයි.එස් ත්‍රස්ත සංවිධානය යටතේ පුහුණුව ලබා ඇති බව සඳහන්. 

ඒ අනුව, අයි.එස්.අයි.එස් සංවිධානය යටතේ පුහුණුව ලැබූ පළමු ඉන්දීය ජාතිකයා ලෙස වාර්තා වන්නේ මෙම මරාගෙන මැරෙන බෝම්බකරුයි.

උපුටාගැනීම

ඉන්දු පාකිස්ථාන් ක්‍රිකට් යුද්ධයකට 
ශ්‍රී ලංකා පිටිය තෝරාගනී

ඉන්දීය කණ්ඩායම සහ පාකිස්ථානය අතර පැවැත්වෙන ක්‍රිකට් තරඟාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වීමට පාකිස්ථානු අග්‍රාමාත්‍ය නවාස් ෂෙරීෆ්ගේ අනුමැතිය ලැබී තිබෙනවා.
එම තරඟාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වීම සම්බන්ධයෙන් ඉන්දියානු සහ පාකිස්ථානු බලධාරින් අතර, පසුගිය දින කිහිපය තුළම සාකච්ඡා පැවැත්වුණා. 

එහිදී එක්සත් එමීර් රාජ්‍යයේ ද මෙම තරඟය පැවැත්වීම සම්බන්ධයෙන් අවධානය යොමුවූ අතර නමුත් වැඩි අවධානය යොමුවුණේ ශ්‍රී ලංකාවටයි. කෙසේ වෙතත්, මෙම ක්‍රිකට් තරඟාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වීම සම්බන්ධයෙන් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය නිල ප්‍රකාශයක් සිදුකර නැහැ. 
මෙම තරඟාවලියට ටෙස්ට් තරඟ දෙකක්, එක්දින තරඟ 3 ක්, විස්සයි විස්ස තරඟ 2 ක් ඇතුළත් වනවා.

පියුමි හංසමාලි උපන්දිනය සැමරූ හැටි - Photos


ජනප්‍රිය නිළියක් වන පියුමි හංසමාලි ඇයගේ උපන්දිනය පවුලේ සමාජිකයින් සමඟින් පසුගිය දිනෙක සැමරූ අතර ඒ වෙනුවෙන් කලා ක්ෂේත්‍රයේද කිහිදෙනෙක්ද සහභාගී වී සිටියා. එම අවස්ථාවේ ඡායාරූප එකතුවක් පහතින්....

















උපුටාගැනීම

Popular Posts

Find us on Facebook

Gossip Lanka Stats

Blog Archive

Labels