Contact Gossip Editor

Popular Posts

Popular on Facebook

Blog Archive

Powered by Blogger.

Saaft shooting event bronze medle story  

මාස එකහමාරේ පැටව් දෙන්නෙක් එක්ක 
සාග් ගිහින් වෙඩි තියලා ලංකාවට අරන් දුන්න 
පදක්කම පිටුපස තිබූ සංවේදී කතාව - Photos


මෙවර ඉන්දියාවේ පැවති සාග් ක්‍රීඩා උලෙලේදි ඉලක්කයට වෙඩි තැබීමේ ඉසව්වෙන් අපේ රටට ලෝකඩ පදක්කමක් දිනා දෙන්නට උපේෂිකා එගොඩවෙල ක්‍රීඩිකාව සමත් වුණා.
කෙසේ වෙතත් මේ ජයග්‍රහණය පිටුපස ඇති සංවේදි කතාවක් ගැන අපට දැනගන්නට ලැබුණා.

ඇය මේ වන විටත් නිවුන් දරු මවක්.  උපේෂිකා මේ තරගයට සුදුසුකම් ලැබුවේ දරු ප්‍රසූතියෙන් මාස එකහමාරකට පසුවයි. නමුත් රට වෙනුවෙන් ඇති හැඟීම නිසාම ඇය තුවාල වල වේදනාවත් දරාගෙන පුහුණුවීම් සඳහා ඉලක්ක ලබා ගත්තා. 
 
කෙසේ වෙතත් සාග් තරගාවලියට වෙඩි තැබීමේ කණ්ඩායම පිටත්ව යාමට තිබුණේ පසුගිය 25 වැනිදා. නමුත්  ඒ වනවිටත් ඇගේ තුන්මස් නිවුන් දරුවන්ට වීසා ලැබී තිබුණේ නැහැ.
නිවුන් දරුවන් මවගේ කිරි හැර වෙනත් කිරි වර්ග ප්‍රතික්ෂේප කිරීම නිසා දරුවන් හැර දමා යාමටද ඇයට හැකියාවක් තිබුණේ නැහැ. ඇගේ සහයට ඈ සමග යන්නට සිටි ඇගේ සැමියා දිල්රුක් සියළු වෙර දැරීමෙන් පසු 22 වැනි සිකුරාදා දරුවන්ගේ ගමන් බලපත්‍ර ලබාගෙන තිබුණ ද වීසා නිකුත් කිරීමට ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයෙන් නියම කර තිබුණේ සඳූදාටයි. එය මව සමග පිටත්ව යාමට දරුවන්ට ඇති අවස්තාව අහිමි වීමක් වන අතර, මව නැතිව දරු දෙදෙනා සමග පමණක් ගුවන් ගතවීම එගොඩවෙලගේ සැමියාට කළ නොහැක්කක් විය. එක්දින වීසා නිකුත් කිරීමට ඔවුන්ගෙන් රුපියල් 44000 ක් ඉල්ලා තිබුණා. මේ වෙද්දි ඇය සිටියේ දැඩි මානසික පීඩනයකයි.

කෙසේ වෙතත් මේ සිද්ධිය පිළිබඳ දැනගත් ක්‍රීඩා අමාත්‍යවරයා ඒ වන විටත් ඊට විසඳුමක් සොයන්නට මැදිහත්ව සිටියා.  තීරණාත්මක දිනය වූ සඳුදා එගොඩවෙල ක්‍රීඩිකාව ගුවන් තොටුපලට පිටත්ව ගියේ දරුවන් නොමැතිවයි. උදෑසන 08 වනවිට ඇගේ ක්‍රීඩා උපකරණ ක්ලියරන්ස් සදහා යොමු කල යුතුව තිබුණා. ඒ අතරතුර අමාත්‍යවරයා මහ කොමසාරිස්වරයා අමතා හැකි ඉක්මනින් දරුවන්ට සහ සැමියාට වීසා ලබා දෙන්නැයි ඉල්ලා තිබුණා. ක්‍රීඩා අමාත්‍යවරයාගේ මැදිහත් වීම මත දහවල් 12.30 පමණ වනවිට එගොඩවෙල ක්‍රීඩිකාවට ඇගේ දරුවන් දෙදෙනා සමග ගුවන් තොටුපලෙන් පිටත් වන්නට අවස්ථාව ලැබුණා.
මේ සියලු බාධක මැද්දේ වුවද ඇය අප රටට දිනා දුන් මේ ලෝකඩ පදක්කම ඔලිම්පික් රන් පදක්කමකටත් වඩා වටිනා බව හැඟෙන්නේ භාතිය අර්ථනායක ඔහුගේ ෆේස්බුක් ගිණුමේ පළ කළ සංවේදි කතාවත් සමගයි.

0 comments

Post a Comment

Popular Posts

Find us on Facebook

Gossip Lanka Stats

Blog Archive

Labels