ඇඳුම් කඩේ සේවිකාව සල්ලි මාරු කරන්න
ගිය අතරෙ කරපු තුට්ටු දෙකේ
වැඩේ මාට්ටු - CCTV දර්ශන
මිනුවන්ගොඩ ප්රදේශයේ රෙදිපිළි වෙළඳසැලක සිදුවූ ජංගම දුරකථන සොරකමක් එහි සවිකර තිබූ සී.සී.ටී.වී කැමරාවක සටහන්ව තිබෙනවා.
මෙම වෙළඳසැලට පැමිණෙන තරුණ කාන්තාවක් ඇඳුම් තෝරා ගැනීමෙන් අනතුරුව රුපියල් 5000 ක මුදල් නෝට්ටුවක් ලබා දෙනවා. පසුව වෙළඳ සැලේ සේවිකාව එම 5000 මාරුකරගෙන ඒ සඳහා එම ස්ථානයෙන් පිටත්ව යනවා. ඒ අතරතුරයි සැකකාර කාන්තාව සොරකම සිදුකර තිබෙන්නේ.
ඇය මෙසේ සොරකම් කර ඇත්තේ රුපියල් 75,000ක් පමණ වටිනා ජංගම දුරකතනයක් වන අතර මිනුවන්ගොඩ පොලිසිය පවසන්නේ සැකකාර කාන්තාව මෙතෙක් හඳුනාගෙන නොමැති බවයි.
Post a Comment