Contact Gossip Editor

Popular Posts

Popular on Facebook

Blog Archive

Powered by Blogger.
Feb 12

තාත්තා, සහෝදරයා, මස්සිනා සහ ඥාතින් 
දෙදෙනෙකු අතින් දූෂණය වූ 
කාන්තාවක් වයස 32 දි හෙළි කළ රහස

වයස අවුරුදු පහේ සිට තම පියා, සහෝදරයා, මස්සිනා, මස්සිනාගේ සහෝදරයා හා පුංචිඅම්මාගේ පුතා යන පස්දෙනා තමාට ලිංගික අතවර කළා යැයි 32 හැවිරිදි විවාහක කාන්තාවක් ඊයේ (11දා) පයාගල පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

මෙම කාන්තාවගේ සැමියා නිතර නිතර ඇයට හිරි හැර කර තිබෙන අතර ඔහු පවසා ඇත්තේ ඇය සමග ගෙවන පවුල් ජීවිත ඔහුට කිසිම මිහිරක් නැති බවයි. 
ඊට හේතුව තමා කුඩා කල සිටම දැඩි ලෙස ලිංගික අතවරයට පත්වීම බවයි ඇය පොලිස් කාන්තා කාර්යාංශයේ නිලධාරීන් හමුවේ හඬමින් පැවසුවේ. 
පැමිණිලිකාර කාන්තාවගේ පියා, සහෝදරයා, මස්සිනා, මස්සිනාගේ මල්ලි සහ පුංචිඅම්මාගේ පුතා යන පස්දෙනාම මේ වන විටත් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන අතර පැමිණිලිකාර කාන්තාව වෛද්‍ය පරීක්‍ෂණයක් සහ මානසික රෝග වාර්තාවක් ලබාගැනීම සඳහා කළුතර නාගොඩ මහ රෝහලට ඇතුළත් කෙරුණා. 
මෙම කාන්තාව පිළිබඳ මානසික වෛද්‍ය වර්තාවක් සහ වෛද්‍ය වාර්තාවක් ලබාගෙන ඉදිරි කටයුතු කරන බවයි පොලිසිය පවසන්නේ.

Feb 11

මාස එකහමාරේ පැටව් දෙන්නෙක් එක්ක 
සාග් ගිහින් වෙඩි තියලා ලංකාවට අරන් දුන්න 
පදක්කම පිටුපස තිබූ සංවේදී කතාව - Photos


මෙවර ඉන්දියාවේ පැවති සාග් ක්‍රීඩා උලෙලේදි ඉලක්කයට වෙඩි තැබීමේ ඉසව්වෙන් අපේ රටට ලෝකඩ පදක්කමක් දිනා දෙන්නට උපේෂිකා එගොඩවෙල ක්‍රීඩිකාව සමත් වුණා.
කෙසේ වෙතත් මේ ජයග්‍රහණය පිටුපස ඇති සංවේදි කතාවක් ගැන අපට දැනගන්නට ලැබුණා.

ඇය මේ වන විටත් නිවුන් දරු මවක්.  උපේෂිකා මේ තරගයට සුදුසුකම් ලැබුවේ දරු ප්‍රසූතියෙන් මාස එකහමාරකට පසුවයි. නමුත් රට වෙනුවෙන් ඇති හැඟීම නිසාම ඇය තුවාල වල වේදනාවත් දරාගෙන පුහුණුවීම් සඳහා ඉලක්ක ලබා ගත්තා. 
 
කෙසේ වෙතත් සාග් තරගාවලියට වෙඩි තැබීමේ කණ්ඩායම පිටත්ව යාමට තිබුණේ පසුගිය 25 වැනිදා. නමුත්  ඒ වනවිටත් ඇගේ තුන්මස් නිවුන් දරුවන්ට වීසා ලැබී තිබුණේ නැහැ.
නිවුන් දරුවන් මවගේ කිරි හැර වෙනත් කිරි වර්ග ප්‍රතික්ෂේප කිරීම නිසා දරුවන් හැර දමා යාමටද ඇයට හැකියාවක් තිබුණේ නැහැ. ඇගේ සහයට ඈ සමග යන්නට සිටි ඇගේ සැමියා දිල්රුක් සියළු වෙර දැරීමෙන් පසු 22 වැනි සිකුරාදා දරුවන්ගේ ගමන් බලපත්‍ර ලබාගෙන තිබුණ ද වීසා නිකුත් කිරීමට ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයෙන් නියම කර තිබුණේ සඳූදාටයි. එය මව සමග පිටත්ව යාමට දරුවන්ට ඇති අවස්තාව අහිමි වීමක් වන අතර, මව නැතිව දරු දෙදෙනා සමග පමණක් ගුවන් ගතවීම එගොඩවෙලගේ සැමියාට කළ නොහැක්කක් විය. එක්දින වීසා නිකුත් කිරීමට ඔවුන්ගෙන් රුපියල් 44000 ක් ඉල්ලා තිබුණා. මේ වෙද්දි ඇය සිටියේ දැඩි මානසික පීඩනයකයි.

කෙසේ වෙතත් මේ සිද්ධිය පිළිබඳ දැනගත් ක්‍රීඩා අමාත්‍යවරයා ඒ වන විටත් ඊට විසඳුමක් සොයන්නට මැදිහත්ව සිටියා.  තීරණාත්මක දිනය වූ සඳුදා එගොඩවෙල ක්‍රීඩිකාව ගුවන් තොටුපලට පිටත්ව ගියේ දරුවන් නොමැතිවයි. උදෑසන 08 වනවිට ඇගේ ක්‍රීඩා උපකරණ ක්ලියරන්ස් සදහා යොමු කල යුතුව තිබුණා. ඒ අතරතුර අමාත්‍යවරයා මහ කොමසාරිස්වරයා අමතා හැකි ඉක්මනින් දරුවන්ට සහ සැමියාට වීසා ලබා දෙන්නැයි ඉල්ලා තිබුණා. ක්‍රීඩා අමාත්‍යවරයාගේ මැදිහත් වීම මත දහවල් 12.30 පමණ වනවිට එගොඩවෙල ක්‍රීඩිකාවට ඇගේ දරුවන් දෙදෙනා සමග ගුවන් තොටුපලෙන් පිටත් වන්නට අවස්ථාව ලැබුණා.
මේ සියලු බාධක මැද්දේ වුවද ඇය අප රටට දිනා දුන් මේ ලෝකඩ පදක්කම ඔලිම්පික් රන් පදක්කමකටත් වඩා වටිනා බව හැඟෙන්නේ භාතිය අර්ථනායක ඔහුගේ ෆේස්බුක් ගිණුමේ පළ කළ සංවේදි කතාවත් සමගයි.

Feb 11

සැමියා රට ඉන්න අතරේ 
අසල්වැසියෙක් නිසා දරුවන්ද තනිකර 
දැවී අළු වුණු ෆාතිමා - Photos

මහනුවර දිගන  කුඹුක්කදුර ප්‍රදේශයේ කාන්තාවක් ගිණිතබා ඝාතනය කර තිබෙනවා. මෙලෙස ඇයව ඝාතනය කර ඇත්තේ නිවස අසල පුද්ගලයෙකු බවටයි තොරතුරු වාර්තා වෙන්නේ.
පුද්ගලික ආරවුලක් මෙම අපරාධයට මුල්වී ඇතැයි අනාවරණ වී තිබෙනවා. මෙලෙස ඝාතනය කර ඇත්තේ 35 හැවිරිදි තිදරු මවක්. ඇයගේ සැමියාද විදෙස් ගතව සිටින බවයි වාර්තාවන්නේ. සැකකරු අත්අඩංගුවට ගැනීමට මේවන විටත් පරික්ෂණ ආරම්භ කර තිබෙනවා.

දිනක් සැකකරු හා ෆාතිමා නම් මෙම කාන්තාව අතර ඇතිවූ රණ්ඩුවක් දුරදිග ගිහින් අදාල පුද්ගලයා ෆාතිමාට පහරදුන්නු බවට ඇය පොලීසියට ගිහින් පැමිණිල්ලක් කරලා තියෙනවා.
මේ ආරවුල සමථයකට පත්කරලා ෆාතිමාට කියලා තියෙන්නේ වෙන ගෙදරකට යන්න කියලා. ඉන් පසුව ඇය වෙනත් නිවසකට ගිහින් තියෙනවා. එසේම ඉහත කී පුද්ගලයා කාන්තාවට පහරදුන් නිසාවෙන්  සති 2කට හිරේ යන්නත් සිද්ධවෙලා තියෙනවා.
පස්සේ ඔහු නිදහස් වෙලා ගෙදර ඇවිත්. ඔය අතරේ ෆාතිමා කුලියට හිටපු කලින් නිවස (ඒ කියන්නේ ඇය ආරවුල ඇතිකරගෙන පොලිසි ගිය නිවස) වෙන කෙනෙක්ට කුලියට දෙන්න කට්ටියක්ව එක්කගෙන ඇවිත් ඒ අය එක්ක ගෙදර මිදුලේ කතා කරකර ඉඳලා තියෙනවා.
මේක දැකපු අර මනුස්සයා ඇවිත් අයෙත් ෆාතිමාට පහරදීලා භූමිතෙල් කෑන් එකක් ඇයට වක්කරලා ගිනිතිබ්බා කියලා තමයි ආරංචි. ඔහුව හොයන්න මේ වෙනකොට පොලිසිය පරීක්ෂණ ආරම්භ කරලා තියෙන්නේ.

Feb 10

පැයට 6500ට විකිණුනු මහනුවර නිසසංලා 
හා ගයානි ලොක්කෝ එක්කම 
මාට්ටු වුණු හැටි - වීඩියෝ

මහනුවර අනගාරික ධර්මපාල මාවතේ  ගෙස්ට් හවුස් එකක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වැටලු මහනුවර පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශය  විසින් එහි සිටි බාල වයස්කාර තරුණියක් හා   තවත් කාන්තාවත් සමගින් මෙම ස්ථානය පවත්වාගෙන ගිය අයෙකු හා ගනුදෙනුකරුවන් 2 ක්  අත‍්අඩංගුවට ගෙන තිබෙනවා.
අවුරුදු 17යිමාස 11ක් වන බාලවයස්කාර නිසංසලා නමින් හඳුන්වන තරුණිය මහනුවර තෙල්දෙනිය පදිංචිකාරියක් වන අතර ගයානි නමින් හඳුන්වන අවුරුදු 33 ක් වයසැති කාන්තාව කැකිරාව ප්‍රදේශයේ පදිංචිකාරියක බවට ද පොලිසිය හඳුනාගෙන තිබෙනවා.

මෙම ස්ථානයේ භාරකරු ලෙස සිටි සමන් කුමාර නැමති 26 හැවිරිදි පුද්ගලයා ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචි අයකු බවත් ඔහු වැටුපට මෙම ස්ථානයේ සේවය කරන්නකු බවට පොලිසියට ප්‍රකාශ කර තිබෙනවා.
ස්ථානය වැටලූ අවස්ථාවේ අත්අඩංගුවට ගත් ගනුදෙනකරුවන් දෙදෙනාද මහනුවර තෙල්දෙනිය හා මැද මහනුවර පදිංචිකරුවන් වන අතර මොවුන් දෙදෙනාම 26 හා 27 වයස්වල සිටින අය බවත් මේ දෙදෙනාගෙන් එක් අයකු කොරියාවේ සේවය කරමින් සිට දින කිහිපයකට පෙර ලංකාවට පැමිණ ඇති බවට ද තොරතුරු හෙලිවී තිබෙනවා.
මෙම ස්ථානයේ එක් කාන්තාවක පැයකට රු 6500 මුදලකට අලෙවි කර ඇති බවට පොලිසියට කරුණු හෙලි වී ඇති අතර බාලවයස්කාර නිසංසලා නමින් හදුන්වන තරුණිය බලහත්කාරයෙන් මෙම ස්ථානයේ රදවාගෙන සිටි බවට ඇය විසින් පොලිසියට ප්‍රකාශකර ඇති බව ද සදහන්.
මෙම බාලවයස්කාර තරුණියගේ පියා විසින් තම දියණිය බලහත්කාරයෙන් රදවාගෙන සිටින බවට  මහනුවර පොලිසියට කරන ලද පැමිණිල්ලක් මත ක්‍රියාමත්මක වූ පොලිසිය ස්ථානය වටලා ඔවුන්ව අල්ලාගෙන තිබෙනවා.

Feb 10

බයික් එකට තෙල් දෙන්න කියලා අරන් ගිය 
ග්‍රාමසේවකට තරුණයන් දෙදෙනෙක් 
කැලේ මැදදි අමුතුම විදිහට අතවර කරලා

පසුගිය 4 වැනිදා තරුණයන් දෙදෙනකු විසින් හොරණ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයකු ගොඩකවෙල කොස්වැටිය සුදුගල ප්‍රදේශයේ පාළු ස්ථානයකට රැගෙන ගොස් මරණ තර්ජනය කර පහරදී අස්වාභාවික ලෙස ලිංගික අපයෝජනයකට ලක් කර තිබෙනවා.

පසුව එම නිලධාරිවරයා සතුව තිබූ ඒ.ටී.එම්. කාඩ් පත උපයෝගි කරගෙන රුපියල් 40,000 ක මුදල් බැංකු ශාඛාවකින් රැගෙන එම නිලධාරිවරයාගේ රුපියල් 22,000 ක් වටිනා ජංගම දුරකතනයද පැහැර ගෙන ගොස් ඇති බව ගොඩකවෙල පොලිසිය පවසනවා. හොරණ ප්‍රදේශයේ සේවයේ නියුතු මෙම ග්‍රාම නිලධාරිවරයා රත්නපුර - ඇඹිලිපිටිය මාර්ගයේ ඇඹිලිපිටිය දෙසට යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී පල්ලේබැද්ද කොස්වැටිය සුදුගල ප්‍රදේශයේදී යතුරුපැදියේ ඉන්ධන අවසන් වී එය නතර වී තිබුණා.

ඒ මොහොතේ මාර්ගයේ ගමන් කරමින් සිටි තරුණයකු ග්‍රාම නිලධාරිවරයාගේ උදව්වට පැමිණි අතර යතුරුපැදියට අවශ්‍ය ඉන්ධන ලබා දීමට  හැකි බව පවසමින් ග්‍රාම නිලධාරිවරයා එම මාර්ගය අසලින් ගලා බසින රක්වාන ගඟ දෙසට ඔහුව කැඳවාගෙන ගොස් තිබෙනවා.
එසේ ග්‍රාම නිලධාරිවරයා ගඟ අසල පාළු ස්ථානයකට කැඳවාගෙන ගිය එම තරුණවා එක් වරම තියුණු ආයුධයක් ග්‍රාම නිලධාරිවරයාගේ බෙල්ලට තබා මරා දමන බවට තර්ජනය කරමින් තමන්ට පහරදුන් බව ග්‍රාම නිලධාරිවරයා ගොඩකවෙල පොලිසියට කර ඇති පැමිණිල්ලේ සඳහන් වී ඇත්තේ.
එසේ තර්ජනය කළ එම පුද්ගලයා වෙනත් අයෙකුට ජංගම දුරකතනයකින් කතා කර එම ස්ථානයට ගෙන්වාගෙන ඇති අතර පසුව එම පුද්ගලයන් දෙදෙනාම එකතු වී ග්‍රාම නිලධාරිවරයා ඇඳ සිටි සියලු ඇඳුම් ඉවත් කර ඔහු සතුව තිබූ රුපියල් 22,000 ක් වටිනා ජංගම දුරකතනය සහ ඒ.ටී.එම්. කාඩ් පත පැහැරගෙන එහි රහස්‍ය අංකයද තර්ජනය කරමින් අසා දැනගෙන තිබුණා. එක් පුද්ගලයකු ග්‍රාම නිලධාරිවරයා මරණ බවට තර්ජනය කරමින් ග්‍රහණයේ තබාගෙන සිට ඇති අතර අනෙකා කාඩ් පත රැගෙන අසල බැංකුවකින් රුපියල් හතළිස් දහසක මුදලක් ලබාගෙන ඇති බවද පසුව එම පුද්ගලයන් දෙදෙනා විසින් ග්‍රාම නිලධාරිවරයා අස්වාභාවිකව ලිංගික අපයෝජනයට ලක්කර ඇති බවද පොලිසිය පැවසුවා.

Feb 10

දරුවාව පැත්තකට දාලා 81 නාකි පෙම්වතා එක්ක 
37 මවක් අරක්කු බිබී පෙම් සුව විඳලා

දෙමව්පියන්ට තියෙන ලොකුම සම්පත තමයි දරු සම්පත. ඒත් දරුවන්ගේ වටිනාකම සත පහකටවත් මායිම් නොකරපු 37 හැවිරිදි මවක් ගැන පුවතක් තණමල්විල පැත්තෙන් වාර්තා වනවා.

මේ මව, ඇගේ 81 හැවිරිදි අනියම් සැමියා එක්ක මත්පැන් පානය කරමින් අශෝභන ලෙස හැසිරී තිබෙනවා. ඒ අවස්ථාවේ බීමත්කම වැඩි නිසාම තමන්ගේ අවුරුදු දෙකේ කුඩා දරුවාව ද ඇය අතහැර දමා සිටින අවස්ථාවේ පොලීසියට ලැබුනු පණිවුඩයකට අනුව පොලිසිය මේ දරුවාව බේරා ගෙන තිබෙනවා.
මේ විදිහට අශෝභන ලෙස හැසිරුණු කාන්තාව සහ ඇගේ අනියම් සැමියාව තණමල්විල පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Feb 09

මහ රෑ වැල්ලම්පිටිය ගෙවල් 20දී 
තුනක් එළොව යවා ලේ හෙල්ලූ ගේම්කාරයෝ

වැල්ලම්පිටිය - ගෙවල් 20 ප්‍රදේශයේදී පුද්ගලයන් තුන්දෙනෙකු වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.  ඊයේ රාත්‍රියේ 11.55ට පමණ සිදුවූ මෙම වෙඩි තැබීමෙන් මිය ගොස් ඇත්තේ අවුරුදු 19ක් 24ක් සහ 49ක් වන එම ප්‍රදේශයේම පදිංචි පුද්ගලයින් තුන්දෙනෙක්. .

වැල්ලම්පිටිය පොලීසිය සදහන් කළේ මිය ගිය තුන්දෙනා ඥාතීන් වන බවයි.

එමෙන්ම මොවුන් ගෙවල් 20 ප්‍රදේශයේ නිවසක රැදී සිටියදී වාහනයකින් පැමිණි පිරිසක් මෙම වෙඩි තැබීම සිදුකර පළා ගොස් තිබෙනවා. 
අසාධ්‍ය තත්ත්වයේ පසුවූ මොවුන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගියා. මිය ගිය පුද්ගලයන්ගේ මහේස්ත්‍රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදුකිරීමට නියමිතයි. 
මෙම වෙඩි තැබීම සිදුකර ඇත්තේ කුමන හේතුවක් නිසා ද යන්න මෙතෙක් අනාවරණ වී නැහැ.උපුටාගැනීම

Feb 09

තේ දළු මඩුවෙන් හමුවූ රත්නපුර පාසැල් සිසුවාගේ 
ඝාතකයා ගසක එල්ලී දිවිනසාගෙන 
සිටියදී සොයාගනී - වීඩියෝ

රත්නපුර මාරපන ප්‍රදේශයේ තේ දළු මඩුවක තිබි පිරිමි දරුවෙකුගේ මළ සිරුරක්  අද උදෑසන 8 ට පමණ හමුවීම සම්බන්ධයෙන් අප මීට පෙර වාර්තා කළ අතර එම දරුවා ඝාතනය කළ බවට සැකකෙරෙන පුද්ගලයා ගෙලවැලලාගෙන මියගොස් ඇති බවට මේ වන විට වාර්තා වෙනවා. 
ඔහුගේ සිරුර ගසක එල්ලෙමින් තිබියදී හමුවී ඇති අතර සිද්ධිය වූ අවස්ථාවේ දරුවා සෙවීමට කටයුතු කරන විට මොහු පලා ගිය බවටයි ප්‍රදේශවාසීන් පවසා සිටියේ. 

දරුවාගේ අත්දෙක රෙදි පටියකින් ගැට ගසා ලිංගික අපයෝජනය කර මරා දමන්නට ඇති බවටද සැක කෙරෙන අතර  මියගිය පිරිමි දරුවා ඊයේ සවස් කාලයේ සියඹලා ඇහිලීම සඳහා ගොස් තිබූ අතර රාත්‍රි 8 වෙන තුරුත් නැවත නිවසට පැමිණ නැහැ. නමුත් ඔහුගේ දෙමාපියන් සිතා ඇත්තේ ඔහු නිවස අසළ මළ ගෙයක් තිබූ නිසා එහි ගොස් ඇති බවටයි.
කෙසේ වෙතත් නිවැසියන් ඔහුව අද උදෑසන පාසල් යැවීම සඳහා ඔහුව අවස්ථාවේදීයි තේ දළු මඩුවක දරුවා මියගොස් සිටි ආකාරය දැක ඇත්තේ. 

Feb 09

සිංහ කොඩිය හඳේ ගහන්න 
ලංකාවේ ඉඳන් රොකට් හදපු 
අපේ රටේ කොල්ලෙකුගේ සුපිරිම වැඩක් - Photos

ලංකාවේ එක එක කාලෙක එක එක පැතිවලින් අමුතුම දක්ෂතා තියෙන තරුණ තරුණියෝ බිහිවෙනවා. ඒ විදියට තමන්ගේ හැකියාවෙන් රොකට් එකක් හදලා උඩුගුවනට යවන්න ට්‍රයි කරන තරුණයෙක් ගැන මේ දවස්වල ෆේස්බුක් එකේ හැමතැනම කතා වෙනවා. ඔහු නමින් තිවංක නෙරන්ජන්. අවුරුදු ගාණක් තිස්සේ තමයි මෙයා මේ වැඩේ කරන්න ට්‍රයි කරන්නේ.

පහුගිය දවසක ඔහුගේ නිර්මාණයේ අවසන් ප්‍රතිඵලය වුණු ඒ රොකට් එක ගැන විස්තරයකුත් එක්කම මෙයා ෆේස්බුක් එකේ දාලා තිබුණා. ඒකට ප්‍රතිචාර ගොඩක් හම්බවුණා.

පහතින් තියෙන්නේ ඔහු ඒ විදියට කරපු අපූරු නිර්මාණ එකතුවක්. පොඩි තැනකින් පටන්ගත්තත් මේ විදියට ලෝකු තැනකට ඔහුට යන්න අපි ආශිර්වාද කරනවා. මේ තමයි ඔහුගේ හැකියාව ලෝකෙටම පෙන්වපු හැටි.


























Feb 09

ඇඳුම් කඩේ සේවිකාව සල්ලි මාරු කරන්න 
ගිය අතරෙ කරපු තුට්ටු දෙකේ 
වැඩේ මාට්ටු - CCTV දර්ශන

මිනුවන්ගොඩ ප්‍රදේශයේ රෙදිපිළි වෙළඳසැලක සිදුවූ ජංගම දුරකථන සොරකමක් එහි සවිකර තිබූ සී.සී.ටී.වී කැමරාවක සටහන්ව තිබෙනවා.


මෙම වෙළඳසැලට පැමිණෙන තරුණ කාන්තාවක්  ඇඳුම් තෝරා ගැනීමෙන් අනතුරුව රුපියල් 5000 ක මුදල් නෝට්ටුවක් ලබා දෙනවා. පසුව වෙළඳ සැලේ සේවිකාව එම 5000 මාරුකරගෙන ඒ සඳහා එම ස්ථානයෙන් පිටත්ව යනවා. ඒ අතරතුරයි සැකකාර කාන්තාව සොරකම සිදුකර තිබෙන්නේ.

ඇය මෙසේ සොරකම් කර ඇත්තේ රුපියල් 75,000ක් පමණ වටිනා ජංගම දුරකතනයක් වන අතර මිනුවන්ගොඩ පොලිසිය පවසන්නේ සැකකාර කාන්තාව මෙතෙක් හඳුනාගෙන නොමැති බවයි.
එම සී.සී.ටී.වී දර්ශන පහතින්..

Feb 09

එක පාරටම පොලොව කඩාගෙන 
අඩි ගාණක් ඇතුළට ගිලා බැහැපු 
කාර් එකට වුණ දේ - Video

කරදර කියන දේවල් එන්නෙ අපි කවුරුත් හිතන්නෙ නැති වෙලාවට. ඒ වගේ හීනෙන්වත් හිතුවෙ නැති කරදරයකට මුහුණ දෙන්න පේරු රාජ්‍ය යේ පවුලකට සිද්ධවුණා.


මේ පවුල ගමන් කරපු කාර් එක පේරු රාජ්‍යයේ මාර්ගයකදි හදසියේ පාර කඩාගෙන  අඩි 16 ක ගැඹුරු වලකට වැටුණා. ඒ වෙලාවේ කාර් එකේ ගමන් කරලා තිබ්බෙ එකම පවුලේ අම්මා, තාත්තා සහ අවුරුදු දෙකක දියණියක්. හැබැයි වාසනාවකට මේ අනතුරෙන් කිසි කෙනෙක්ට තුවාල වෙලා නැහැ.

කොහොම වුණත් මේ කරදරේට පත්වෙච්ච අයට උදව් කරන්න එතන හිටපු අනෙක් අය දෙපාරක් හිතුවෙ නෑ.
එම වීඩියෝව බලන්න පහතින්...

Feb 09

සතියකට 77,000 වාරයක් දුරකතනයෙන් 
පෙම්වතාට කතා කර ආදරයට සීමා මායිම් නැති බව 
පෙන්වූ සැබෑ පෙම්වතියකගේ ආදරයට අත්වූ ඉරණම

පෙම්වතුන් වුණාම නිතරම දුරකතන ඇමතුම් ගන්න එක, කෙටි පණිවුඩ යවන එක ඒ තරම් ලොකු දෙයක් නෙමෙයි. හැබැයි සමහර වෙලාවට ඒක දෙන්නගෙන් එක්කෙනෙක්ට කරදරයක් වෙන්නත් පුළුවන්. ඒ වගේ සීමාවක් නැතුව ආදරය කරපු කතාවක් ගැනයි අපි මේ කියන්න යන්නේ.

ඇමරිකානු ජාතික තරුණියක් සිය  පෙම්වතාට සතියකට 77,000 වාරයක් දුරකථනයෙන් කතා කරලා තිබෙනවා. එමෙන්ම ඊමේල්  1937 ක්ද, කෙටි පණිවුඩ 41,229 ක්ද වොයිස් කෝල් 217ක් ලබා දී තිබෙනවා. වයස අවුරුදු 28ක් වන ලින්ඩා සිය පෙම්වතාට ලියපු ලියුම් ගණන 647ක්.

ලින්ඩාට අතීත කාමය පිළිබ‍ඳ මානසික රෝගයක් තිබුණු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ලින්ඩා මුළු රෑ පුරාම ඇහැරී සිටින්නට ශක්තිජනක පාන භාවිතා කරලා තිබෙනවා. ලින්ඩා සතිය පුරාවටම විලියම්ගේ නිවසේ දුරකථනයට, මොබයිල් දුරකථනයට, වැඩපලේ දුරකථනවලට මෙසේ ඇමතුම් ලබා දී තිබෙනවා.
පෙම්වතා ඇය  සම‍ඟ එම සම්බන්ධය පවත්වා ඇත්තේද සති 03ක තරම් කෙටි කාලයක්. ඒ දුක දරා ගන්න බැරුව තමයි මේ විධියට පෙම්වතාට කරදර කරලා තියෙන්නේ. ලින්ඩා තමන්ට කරදරයක් වු නිසා විලියම් මෙය පොලිසියට කියලා තියෙනවා. ඒ අනුව ඇය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
තම සේවා දායකයාට ඒ සතිය පුරාවටම නින්දක් නොලැබූ බවයි නිතීඥවරයා උසාවියේදී කියලා තියෙන්නේ.

Feb 08

ට්විටර් එකෙන් වෙට්ටු දාලා කෙල්ලෝ 400ක් එක්ක 
යහන් ගතවුණු තරුණයෙකුගේ 
ජීවිතයක් අයාලේ ගිය හැටි - Photos

ෆේස්බුක් ට්විටර් වලින් කෙල්ලෝ හොයන කොල්ලෝ ඕනි තරම් ඉන්නවා. සමහර වෙලාවට හැන්ඩියා වගේ ෆොටෝ දාලා ඒවට රැවටෙන කෙල්ලෝ ඉතින් අන්තිමේ ජීවිතෙත් එපා කියලා මැරුණු කතාත් අපිට අහන්න ලැබෙනවා.
මේ කියන්න යන්නේ ඒ විදියට ට්විටර් එකෙන් කෙල්ලෝ 400ක් එක්ක යාලුවෙලා එයාලා එක්ක කරන්න ඕනි නරක වැඩ ඔක්කොම කරපු කොල්ලෙක් ගැන කතාවක්. සමහරුනම් මෙයා වැඩ්ඩෙක් කියලා කියයි. හැබැයි එයානම් කියන්නේ තමන් මේ කරපු වැඩේ ගැන දැන් ඉන්නේ කළකිරිලා කියලා.

ඔහුගේ නම බෙනී, ජීවත් වෙන්නේ එංගලන්තේ. ට්විටර් එකේ Followers 9000ක් මෙයාට ඉන්නවා. වයස අවුරුදු 22ක් වුනාට ඔහුගේ පෙනුම නිසා වගේම කියන කතාවලට අහුවුණු තරුණියෝ 400ක් මෙයා එක්ක එකට ඉඳලා තියෙනවා. හැබැයි ඒකේ සීමාව ඉක්මවලා යන්න වැඩි කාලයක් ගිහින් නෑ, 

මේ විදියට පවත්වපු සම්බන්ධතා නිසා මෙයාට කෙල්ලෝ එපා වෙලා, ඇත්තටම ඒ විදියට කෙල්ලෝ තමන්ගේ පස්සෙන් ආවේ කාමුක හැගීමකට මිසක් හදවතට දැණුනු ආදරේ නිසා නෙවෙයි කියලා ඔහු කියනවා. ඒ වගේම සමහර සම්බන්ධතා එක දවසින් ඉවරවුණු අවස්ථා ඕනි තරම් තියෙනවා කියලා බෙනී කියනවා.
යාළුවෝ හොයාගන්න කියලා ආව ට්විටර් එකෙන් තමන්ගේ ජීවිතය මේ වගේ විනාශ වෙලා යයි කියලා ඔහු කවදාවත් හිතුවේ නෑලු. ඒ වගේම කෙල්ලෙක් එක්ක ඉන්නකොට තියෙන හැඟීම දැන් ඔහුට නෑ කියලා තමයි බෙනී කියන්නේ. 
අපේ අයත් ඕනි තරම් ෆේස්බුක් ඇවිත් කෙල්ලෝ ගැන හොයනවා, යාලුකරගන්න විදි ගැන හොයනවා. ඒ කරන්න කලින් මේ වගේ දෙවල් ගැනත් පොඩ්ඩක් හොයලා බැලුවොත් හොඳයි, මොකද කෙල්ලෝ පස්සෙම ගිහින් ජීවිතේ නැතිකරගන්න එක නෙවෙයි වෙන්න ඕනි.




Feb 08

සෝනු නිගම්ට 
ප්ලේන් එකේ සින්දු කියන්න දුන්නු 
ගුවන් සේවිකාවන්ට වැඩ වරදී - වීඩියෝ

සෝනු නිගම් කියන්නේ මුළු ඉන්දියාවම වගේම ලංකාවෙත් ගොඩදෙනෙක් ආදරේ කරන ගායකයෙක්. සමහරු ඔහුගේ මියුරු කටහඬට වශීවෙන්නේ හිතන්නෙවත් නැති විදියට.

දවසක් සෝනු නිගම් ගමනක් යන්න ප්ලෙන් එකකට නගිනවා. ඒකේ ඉන්න මිනිස්සු මේ අපූරු ගායකයා දැක්කම ඔහුට ගීතයක් කියන්න කියලා ඉල්ලීමක් කරලා. ඉතින් ගුවන් සේවිකාවනුත් ඒකට අකමැති වෙලා නෑ, එයාලා කරලා තියෙන්නේ මඟීන්ට කතා කරන්න දෙන මයික් එක සෝනුට දීලා සින්දු කියන්න කියපු එක. ලස්සන සින්දුවත් අහලා ඒක වීඩියෝත් කරලා ෆේස්බුක් එකේ හැමතැනම මේ ගැන පැතිරෙන්න ගත්තා.

පස්සේ ඉතින් මේකට එක එක අය කියපු කතාත් එක්ක ගුවන් ගමනකදී මේ කරපු වැඩේ නිසා ඒකට සම්බන්ධ වුණු පිරිසට දඬුවම් දෙන්නත් මේ වෙනකොට කටයුතු කරලා තියෙනවා.
මේ තමයි සෝනු ප්ලේන් එකේ කීව සින්දුව....

Feb 08

හයිවේ එකේ යනගමන් 
හුළඟට ගහගෙන ගිය කන්ටේනරයක් 
99න් බේරුණු හැටි - වීඩියෝ

එකපාරටම එන මහ හුළඟක් නිසා පෙරලෙන්න යන කන්ටේනර් එකක වීඩියෝවක් තමයි මේ. හිතාගන්නත් අමාරුයි. අංශක 45ක් විතර අනිත් පැත්තට හැරෙන මේ කන්ටේනර් එකේ වීඩියෝව පටිගත වෙලා තිබුණේ ඒකට පිටිපස්සෙන් ආපු වාහනේක.

බලනකොටනම් හිතෙන්නේ හැරුණු හැරිල්ලට බිම තමයි කියලා. බලන්නකෝ ඒත් අන්තිමට මොකද වෙන්නේ කියලා.




උපුටාගැනීම

Feb 06

‘‘ෆිල්ම් එකකට මාව ඕනිමයි කියලා හිතුනොත් 
වැඩේ වෙනුවෙන් 
මගේ ගාණ ගෙවන අය ඉන්නවා‘‘ - මැණික්

මැණික් විජේවර්ධන ගැන පහුගිය කාලේ එක එක කතා මැවෙන්න ගත්තා. කොච්චර මඩ ගහන්න හැදුවත් ඒවට මැණික් නම් සැලුනේ නෑ, ඉතින් මැණික්ගෙන් මේ සතිඅන්ත පුවත්පතක් පුංචි සාකච්ඡාවක් කරලා තියෙනවා . 
ඒකෙදි එයා කියලා තියෙන්නේ ‘‘මැණික්‘‘ කොහොමත් ගණන් නිසා මාත් හරි ගණන් කියලා. ‘‘හැබැයි ඒ ගාන අසාධාරණ නෑ, මම මටම හදාගත්තු වටිනාකමක් තියෙනවා, ඒ ගාන හම්බවෙන්නේ නැත්තම් මගේ වටිනාකම අඩුවෙනවා‘‘ කියලා තමයි මැණික් කියන්නේ.

ඒ වගේම තමන් වෘත්තිමය නිළියක් නොවුනට ලාභ නිළියක් වෙන්න ඇය කැමති නෑලු. ඔය ගාණ වැඩි නිසා මැණික්ව එපා කියපු අයත් ඉන්නවා වගේම ඒකෙන් තමන්ගේ වටිනාකම අඩුවෙන්නේ නෑ කියලා එයා කියනවා. ඒ වගේම මැණික් අන්තිමේට කියන්නේ මාව ඕනමයි කියලා හිතුණොත් වැඩේ වෙනුවෙන් එයාගේ ගාණ ගෙවන අයත් ඉන්නවා කියලා.

Feb 05

සරාගී Deshii අන්තර්ජාලය හොල්ලයි (ඡායාරූප)


Deshii Senadhira නම් වූ මෝස්තර නිරූපණ ශිල්පිණියගේ නවතම ඡායාරූප පෙළ මෙන්න

















උපුටාගැනීම

Popular Posts

Find us on Facebook

Gossip Lanka Stats

Blog Archive

Labels